Sunday, February 22, 2015

මියයමින් සිටින දැරියකට වෛද්‍යවරුන් HIV වෛරසය එන්නත් කරයි Doctors inject HIV In to Dying Girl

Doctors inject HIV In to Dying Girl

මියයමින් සිටින දැරියකට වෛද්‍යවරුන් HIV වෛරසය න්නත් කරයි
මීට ටික කාලයකට පෙර කැපිටල් ලයිප්ස්ටයිල් සඟරාව විසින් පල කරනු ලැබූ වැඩිදෙනක් පුදුමෙයන්නැරඹූ වීඩියෝවකි.
එමා යනු අවුරුදු 6ක් වයසැති දරුණු පිළිකා රෝගයකින් පෙලෙන කුඩා දැරියකි. වෛද්‍යවරුන් කණ්ඩායමක් යම් අරමුනක් ඇතිව HIV වෛරසය දැරියට එන්නත් කර තිබෙ.වචනානුසාරෙයන්ම ය ගින්දරට ගින්දර කතු වීමකි. ඇය ශරීරය තුල(ශ්‍රේණිගත මිනීමරු සෛලයන් ) නිර්මාණය කරමින් එක් මාරාන්තික රෝගයක් වළලා දැමීමේ අරමුනින් HIV වෛරසය දැරියට එන්නත් කර තිබේ. සැබවින්ම එය අවධානම් පරීක්ෂණයක්.නමුත් එහි ප්‍රතිපලය පිළිබදව ඔබ පුදුමයට පත්වේවි.

විනාඩි 3ක පමන ධාවන කාලයක් ඇති ඒම වීඩියෝව පහතින් නරඹන්න.

Fire with Fire - Ross Kauffman - GE FOCUS FORWARD

https://www.youtube.com/watch?v=h6SzI2ZfPd4

ෙපාදු චක්‍ර ෙල්ඛ ලිපි අංක 02-88/2014(1) ෙරා්හල් ෙස්වය යාවත්කාලීනව පවත්වා ගැනීම



Friday, February 20, 2015

රු. 10,000ක වැටුප් වැඩිවීම මූලික වැටුපට ඕනෑ


රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩිවීම මේ මසදී
( සම්පත් විදානගමගේ ) 2015-02-18 13:15:45
රාජ්‍ය සේවකයන්ට අතුරු අයවැයෙන් වැඩිකරන ලද රුපියල් පන්දහසක වැටුප් වැඩිවීම පෙබරවාරි මස වැටුපට එකතු කිරීමට රජය පියවර ගෙන තිබේ. දැනට ගෙවනු ලබන රුපියල් 3000ට තවත් රුපියල් 5000ක මුදලක් එක්කර රුපියල් 8000 ක් සේවකයන්ට ලබාදෙන අතර, ඉතිරිය ජුනි මාසයේදී ලබාදීමට නියමිතය.
අයවැයෙන් පොරොන්දු වූ පරිදිම වැටුප් වැඩිවීම ලබාදෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

රටේ සෞඛ්‍ය යහපත් කරන ජාතික ඖෂධ ප්‍රතිපත්තිය


රටේ සෞඛ්‍ය යහපත් කරන ජාතික ඖෂධ ප්‍රතිපත්තිය
කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේද අංශයේ අංශාධිපතිනි
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය
ප්‍රියදර්ශනී ගලප්පත්ති

අත්‍යවශ්‍ය ඖෂධ යනු ජනතාවගෙන් අතිබහුතරයක ගේ ‍ෙසෟඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ‍ඖෂධවේ. ඕනෑම රටක ජනතාවගේ ප්‍රධාන රෝග නිවාරණය සඳහා අවශ්‍ය වන මෙම ඖෂධ සංඛ්‍යාව 100 - 200 පමණ වේ. එහෙත් අපේ රටේ එකම ඖෂධීය නාමයක් යටතේ නිපදවූ විවිධ වෙළෙඳ නාම සහිත ඖෂධ පමණක් 50 - 60 ක් පමණ වේ. මේ ඖෂධවල මිල ගණන් ද එකකට එකක් වෙනස් ය. පාරිභෝගිකයා මුලා කරන මෙම ඖෂධ ජාවාරමෙන් ඔවුන් ගලවා ගැනීමේ මාර්ගයක් ද නව ඖෂධ පනත ක්‍රියාවට නැංවීමෙන් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවට උචිත ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට නොහැකිව අපි දශක ගණනාවක් ඖෂධ මාෆියාවේ ගොදුරු බවට පත්ව සිටියෙමු. 1970 දශකයේ දී මහාචාර්ය සේනක බිබිලේ ප්‍රමුඛ ප්‍රගතිශීලී විද්වතුන් සහ එවකට පැවැති දේශපාලන අධිකාරිය මහජනතාවට ඉතාමත් හිතකර ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට ගත් අනවරත අරගලය සාර්ථක වූයේ නැත. බහුජාතික ඖෂධ සමාගම් ජාවාරම එතරම් ම බලවත් විය.

එහෙයින් ශත පහකට මිලට ගතහැකි ඖෂධයක් වෙනුවෙන් පවා රු. 10 - 12 ආදී වශයෙන් වැඩිපුර මුදල් ගෙවීමට සිදුවිය. මෙයින් රටේ ජාතික ධනය මිලියන - බිලියන ගණනින් ඖෂධ ජාවාරමේ මකර කටට ගියේ ය. වත්මන් ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත් දින සිට ම මේ ජාතික අපරාධය නතර කොට අසරණ මහ ජනතාව වෙනුවෙන් වඩාත් හිතකර ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීමට දිගින් දිගටම ගත් උත්සාහය අපි දනිමු.

එහෙත් අහිංසක රෝගීන් ගේ ගෙල මිරිකා ගෙන ඔවුන් සතු සොච්චම ද කඩා වඩා ගන්නට වෙර දැරූ මාෆියාකාරයන් ඒ ගත් වෑයමට අකුල් හෙලූ ආකාරය ද අද රහසක් නොවේ. එහෙත් ජාතියේ වාසනාවට ඒ සෞඛ්‍ය ඇමැතිවරයාම අද මහජන වරමින් ජනාධිපතිධූරයට පත්ව සිටීම නිසා ඖෂධ මාෆියාවේ තර්ජනයට ලක් නොවී ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන දිනය වැඩි ඈතක නොවන තැනට දැන් වැඩ සැලසී ඇත.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සඳහා වූ පනත් කෙටුම්පත සම්පාදනය කිරීමේදී ක්‍රියාකාරී වූ විද්වත් කමිටුවේ සාමාජිකාවක වූ කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේද අංශයේ අංශාධිපතිනි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති සමඟ මේ සංවාදය ගොනු කළේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ‘සිළුමිණ’ පාඨකයන් දැනුවත් කිරීමේ අදහසිනි.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියෙහි ප්‍රධාන අරමුණු තුනකි.‍

1. ඒවා නම් තිරසාර සහ සමාන්තර අයුරින් ජනතාව ගේ සෞඛ්‍ය සත්කාර අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා ගුණාත්මක, ආරක්ෂා සහිත සහ නිසි තත්ත්වයෙන් යුත් ඖෂධ දැරිය හැකි මිල ගණන් වලට ලබාගැනීමට ඇති හැකියාව සහතික කිරීම.

2. මෙම ඖෂධ වෛද්‍ය වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් විසින් සබුද්ධික භාවිතා කිරීම වැඩි දියුණු කිරීම. සබුද්ධික ඖෂධ භාවිතය ‍යනුවෙන් අදහස් කරන්නේ රෝගීනට ඔවුන්ගේ රෝග තත්ත්වයන්ට සුදුසු ඖෂධ එකිනෙකා ගේ අවශ්‍යතාවන්ට අනුව ගැළපෙන මාත්‍රාවන් ගෙන් අවශ්‍ය කාල සීමාව සඳහා ඔවුනට සහ සමාජයට ලබාගත හැකි අවම මිලට ලබා ගත හැකි වීම‍. මේ සංකල්පය තුළ වෛද්‍යවරයා නිසි ලෙස ඖෂධ නියම කිරීම, ඖෂධවේදීන් නිසි ලෙස ඖෂධ නිකුත් කිරීම මෙන් ම රෝගීන් එම ඖෂධ නිසි ලෙස භාවිතා කිරීම ද ඇතුළත් වේ.

දේශීය ‍නිෂ්පාදකයින් විසින් අත්‍යවශ්‍ය ඖෂධ නිපදවීම වැඩි දියුණු කිරීම තෙවැනි අරමුණ ය.

අත්‍යවශ්‍ය ඖෂධ යනු ජනතාවගෙන් අතිබහුතරයක ගේ ‍ෙසෟඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ‍ඖෂධවේ. ඕනෑම රටක ජනතාවගේ ප්‍රධාන රෝග නිවාරණය සඳහා අවශ්‍ය වන මෙම ඖෂධ සංඛ්‍යාව 100 - 200 පමණ වේ. එහෙත් අපේ රටේ එකම ඖෂධීය නාමයක් යටතේ නිපදවූ විවිධ වෙළෙඳ නාම සහිත ඖෂධ පමණක් 50 - 60 ක් පමණ වේ. මේ ඖෂධවල මිල ගණන් ද එකකට එකක් වෙනස් ය. පාරිභෝගිකයා මුලා කරන මෙම ඖෂධ ජාවාරමෙන් ඔවුන් ගලවා ගැනීමේ මාර්ගයක් ද නව ඖෂධ පනත ක්‍රියාවට නැංවීමෙන් අපේක්ෂා කෙරේ.

ඖෂධ ජාවාරමෙන් ගැලවීම සඳහා නව සංශෝධිත පනත මගින් අවස්ථාවක් උදාවෙන්නේ කෙසේ දැයි අපි මහාචාර්යවරියගෙන් ඇසුවෙමු.

“නව ඖෂධ පනත මගින් අප විද්වත් කමිටුව ජනතාවට හිතකර ප්‍රතිපත්ති ගණනාවක් යෝජනා කර තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ සෞඛ්‍ය ඇමැතිවරයා ගේ අනුමැතිය යටතේ නව ස්වාධීන ඖෂධ අධිකාරියක් පිහිටුවීම සඳහා කරන ලද යෝජනාවයි.

දැනටමත් රජය යටතේ පාලනය වන ඖෂධ අධිකාරියක් තිබෙනවා. එයට අමතරව ස්වාධීන ඖෂධ අධිකාරි‍යක් පිහිටුවන්නේ ඇයි?

ඖෂධ ලියාපදිංචි කිරීමේදී දැනට පවතින ක්‍රමවේදයට වඩා නිවැරැදි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා. මෙය වඩා සුදුසුකම් සහිත විද්වතුන් ගෙන් සැදි ස්වාධීන කමිටුවක් මගින් ක්‍රියාවට නැංවෙනවා. මේ මගින් ඖෂධයක් ලියාපදිංචි කිරීමේදී ඖෂධයේ ගුණාත්මක බව, ආරක්ෂාකාරී බව, එහි තත්ත්වය, මිල සහ අවශ්‍යතාව යන කරුණු පිළිබඳව දැඩිව අවධානය යොමු කෙරෙනවා. මෙමගින් ඉදිරියේදී ජනතාවට තත්ත්වයෙන් උසස් ගුණාත්මක ඖෂධ දැරිය හැකි මුදලකට ලබාගැනීමට වැඩියෙන් අවස්ථාව සැළසෙනවා.

යෝජිත ස්වාධීන ඖෂධ අධිකාරියට නිලධාරීන් පත් කරන්නේ කොහොමද?

ඖෂධවේදය යන්න බොහොම පුළුල් ක්ෂේත්‍රයක්. විවිධ අංශවල විද්වතුන් මේ ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ සුදුසුකම් සහිත අයැදුම්කරුවන් මේ සඳහා තෝරා ගන්නා ක්‍රමවේදයක් එහි සඳහන් වෙනවා. එහිදී ඔවුන් සියලු දෙනා ම තමාට ඖෂධ ක්ෂේත්‍රයේ පවත්නා සම්බන්ධතා පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කළ යුතුයි. සෞඛ්‍ය ඇමැතිවරයාගේ අනුමැතියට යටත්ව ඔවුන්ගේ සුදුසුකම් සළකා බලා මෙම ස්වාධීන ඖෂධ අධිකාරියේ සේවයට ඔවුන් බඳවා ගන්නවා.

පෙර පැවැති ඖෂධ පනතින් ආවරණය වුණේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ විලවුන් යන ප්‍රධාන කාණ්ඩ තුන පමණයි. අලුත් පනතින් මේවා ඊට වඩා පුළුල් ලෙස ආවරණය වෙන බව පේනවා?

ඔව්. මෙවර අපි ඖෂධ, වෛද්‍ය උපකරණ හා විලවුන් ලෙස පමණක් වෙන් නොකොට විලවුන් යන්න වඩාත් පුළුල් විෂයක් ලෙස වෙන් වෙන්ව ආවරණය වන පරිදි නව පනතක් ගෙන එන්නට යෝජනා කර තිබෙනවා.

නිදසුනක් ලෙස විලවුන් ලෙස සැලකෙන විලවුන් වර්ග පමණක් වෙනුවට සීමාස්ථ ඖෂධීය නිෂ්පාදන, විටමින් හෝ අතිරේක ප්‍රවර්ධක ආහාර සැපයුම් වැනි දේ අවශ්‍යතාව හා යෝග්‍යතාව මත පාලනයකට යටත් කිරීමටත්, ශුද්ධ රූපලාවන්‍ය ද්‍රව්‍ය, රූපලාවන්‍ය ශිල්පීන් හා රූපලාවන්‍යාගාර, සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ආදියෙහි ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා වෙනමම පනතක් ගෙන ඒමටත් යෝජනා කර තිබෙනවා. එය ගෙන එන තුරු තිබෙන පනතින් විලවුන් වර්ග පාලනය කෙරෙනවා.

ජනතාවට තිබෙන ලොකුම බර ඖෂධවල අධික මිල ගණන්. ඖෂධවල මිල පාලනය සඳහා ගෙන ඇති පියවර මොනවාද?

මෙතෙක් ඖෂධවල ආරම්භක මිල තීරණය කිරීමට ක්‍රමවේදයක් තිබුණේ නෑ.‍ මේ නව සංශෝධන මගින් ඖෂධයක ආරම්භක මිල තීරණය කිරීමේ ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබෙනවා. මෙතෙක් ඖෂධවල පැවැති මිල සංශෝධනය කිරීමේ අයිතිය පැවැරී තිබ‍ුණේ පාරිභෝගික සේවා අධිකාරියට. නව පනතට අනුව මින්පසු ඖෂධවල මිල සංශෝධනය කිරීමේ අයිතියත් ඖෂධ අධිකාරිය වෙත පැවැරෙනවා.

මින් ඉදිරියට රෝගීන්ට ඖෂධ නියම කළ යුත්තේ ඖෂධීය නාමයෙන් පමණක් ද?

ඖෂධීය නාමයෙන් පමණක් ඖෂධ නියම කිරීමට අප යෝජනා කර තිබෙනවා. එහෙත් වර්තමානයෙහි වෙළෙඳ පොළෙහි පවතින ඇතැම් ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳ ගැටලු තිබෙනවා. එවැනි අවස්ථාවක අවශ්‍යතාව අනුව වඩාත් සුදුසු ඖෂධයක් ඖෂධීය නාමය ද සමඟම නිර්දේශ කිරීමට‍ අනුමැතිය ලබාදී තිබෙනවා. එලෙස තමා සුදුසු යැයි සිතන ඖෂධයක් ඖෂධීය නාමය ද සහිතව වෙළෙඳ නාමයකින් නිර්දේශ කිරීමේ අයිතිය වෛද්‍යවරුන්ට තිබෙනවා.

ඖෂධ මිලදී ගැනීමේදී රෝගීන් ගේ පැත්තෙන් ලැබෙන සහනය කුමක්ද?

ඖෂධීය නාමයෙන් වෛද්‍යවරයා නියම කළ බෙහෙත මිලදී ගන්නා විට ඖෂධවේදියා එකී ඖෂධ වර්ගය යටතේ නියම කළ වර්ගය නැත්නම් පාරිභෝගිකයාට අදාළ ඖෂධයෙහි සියලුම වෙළෙඳ නාම සහිත ඖෂධත් ඒවායෙහි මිල ගණනුත් දැක්විය යුතුයි. එවිට තමාට දැරිය හැකි වියදමට සරිලන වර්ගයේ ඖෂධය පාරිභෝගිකයනට හෝ රෝගීන්ට ලබා ගන්නට පුළුවන්.‍

‍එකම ඖෂධය වෙළෙඳ නාම ගණනාවකින් තිබෙනවා. ඒවායෙහි මිල ගණන් විවිධයි. මිලෙන් වැඩි බෙහෙත වඩා ගුණ යැයි සමාජයේ මතයක් තිබෙනවා?

මේ මතය වැරැදියි. ඖෂධීය නාමයෙන් බේත් ලියන්නට උපදෙස් දෙන්නේ ‍ෙම් අවුලෙන් රෝගීන් බේරාගන්නයි. වෙළෙඳ නාම හා මිලෙහි හැර ගුණාත්මක බවෙන් සමාන නම් ඒවායෙහි ඖෂධීය ගුණයෙහි වෙනසක් නෑ.

එකම ඖෂධීය නාමය යටතේ නිෂ්පාදිත ඖෂධ විශාල සංඛ්‍යාවක් මෙරට වෙළෙඳ පොළෙහි තිබෙනවා. එකම වර්ගයේ ඖෂධ නිෂ්පාදන සංඛ්‍යාව අඩු කිරීමට පියවරක් ගන්නවාද?

ඔව්. නිදසුනක් වශයෙන් පැරසිටමෝල් වර්ගයේ ඖෂධ වර්ග 50 ක් පමණ තිබෙනවා. මේවායෙන් ඖෂධීය ගුණයෙන් ඉහළ, මුදලේ වටිනාකමට සරිලන මිලෙන් යුතු ඖෂධ වර්ගවලට පමණක් ලියාපදිංචි සහතිකය ලැබෙන හෙයින් දැනට ඇති ඖෂධ සංඛ්‍යාව අඩුවේ යැයි හිතනවා. එවිට ගුණාත්මක බවෙන් ඉහළ බවට ඖෂධ අධිකාරියට සහතික වීමට හැකියාවක් තිබෙනවා.

මින් ඉදිරියට ඖෂධ ආනයනය සම්බන්ධයෙන් පවතින නීති රීතිත් වෙනස් වෙනවාද?

රජයේ රෝහල් හෝ ඖෂධ ශාලා සඳහා අවශ්‍ය සියලුම ඖෂධ ආනයනය කළ හැක්කේ සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා යෝජිත ස්වාධීන ඖෂධ අධිකාරියෙහි අනුමැතිය ලත් ඖෂධ වර්ග පමණයි. මෙහිදී මෙරට තත්ත්ව පාලන ක්‍රමවේද පමණක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමෙරිකා ඖෂධ අධිකාරිය හා යුරෝපා ඖෂධ අධිකාරිය ඇතුළු ලොව පිළිගත් ඖෂධ පාලන අධිකාරි විසින් පිළිගත් ප්‍රමිතීන් හා ක්‍රමවේදයන්ට අනුකූලව නිපැදවූ ඖෂධවලට පමණක් අවසරය ලැබෙනු ඇති. මෙමගින් තමා ගන්නා ඖෂධ පිළිබඳ විශ්වාසය තහවුරු වීමටත් සෑහීමටත් පත්වෙන්නට හැකිවෙනවා.

වෙළෙඳ පොළට නිකුත් කරන ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමට දැනට තිබෙන පහසුකම් වැඩි දියුණු කෙරෙනවාද?

දැනට පවතින ඖෂධ තත්ත්ව රසායනාගාරවල අඩුපාඩු හඳුනාගෙනෙ රසායනාගාර පහසුකම් වැඩි දියුණු කිරීමටත් ලියාපදිංචි කරන ඖෂධවල මෙන්ම වෙළෙඳ පළට නිකුත් කරන ඖෂධවල ගුණාත්මක භාවය නිරතුරුව පරීක්ෂා කිරීමට හැකිවන ආකාරයට රසායනාගාර සේවා ශක්‍යතා පුළුල් කිරීමට යෝජනා කර තිබෙනවා.

අත්‍යවශ්‍ය ඖෂධ අපේ රටේ ම නිපදවීමට මෙම පනත හරහා යම් රුකුලක් ලැ‍බෙනවාද?

දැනටමත් අපේ රටේ ඇතැම් ඖෂධ නිෂ්පාදනය කරනවා. තත්ත්වයෙන් උසස් ගුණාත්මක ඖෂධ මෙන් ම වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා ආයෝජකයන් ඉදිරිපත් වේ නම් ඔවුනට අවශ්‍ය පහසුකම් සපයා ආයෝජන ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන ලෙස යෝජනා කර තිබෙනවා.

මේ පනත් කෙටුම්පත සකස් කරන්නට විද්වත් කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශය අමාත්‍යාංශ නිලධාරීන් සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල ලෙස කැපවීමෙන් අපට සහයෝගය දුන්නා. මෙතරම් කෙටි කලක් ඇතුළත පනත සභාගත කරගන්නට අපට අවස්ථාව ලැබුණේ කණ්ඩායම් හැඟී‍මෙන් හැම දෙනාම එක්ව කටයුතු කළ නිසයි.”

ජනතාවගේ පැත්තෙන් බලන විට ඉහත යෝජනා ඒ අයුරින් ම ක්‍රියාත්මක වේ නම් එය මේ යුගයේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි ඇති වන යෝධ විප්ලවීය ජයග්‍රහනයක් වනු ඇත.

සාගරිකා දිසානායක
ජයසිංහ

http://www.silumina.lk/2015/02/15/_art.asp?fn=af1502152

Sunday, February 15, 2015


මිඩ් වයිෆ්ට වැඩ වරදී       ( ජේ ඒ එල් ජයසිංහ )
2015-02-13 11:57:22
      
ගලගෙදර ළමා සෞඛ්‍ය සායනයේදී දරුවන් පස් දෙනෙකුට ලබාදෙන එන්නතක් එක් දරුවෙකුට ලබාදුන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන කි‍්‍රයාත්මක බවයි. ඒ සදහා විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් සමන්විත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සහිත කමිටුවක් පත්කර තිබෙනවා. ගලගෙදර ළමා සෞඛ්‍ය සායනයට ඊයේ පැමිණි පස් හැවිරිදි දරුවෙකුට අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය විසින් ති‍්‍රත්ව එන්නත ලබාදී තිබෙනවා.

දරුවන් 5 දෙනෙකුට ලබාදෙන එන්නත් ප‍්‍රමාණය ඇය මෙම දරුවාට එකවර එන්නත් කර ඇති බවයි දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ. කෙසේවෙතත් දරුවාට ඉන් කිසිදු අසාත්මිකතාවක් ඇති වී නැහැ. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය කියාසිටියේ. විමර්ශනයෙන් අනතුරුව අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බව ඇය අවධාරණය කළා.
- See more at: http://nethfm.com/article/56739#sthash.vsUnPEgh.dpuf