මිඩ් වයිෆ්ට වැඩ වරදී ( ජේ ඒ එල් ජයසිංහ )
2015-02-13 11:57:22
ගලගෙදර ළමා සෞඛ්‍ය සායනයේදී දරුවන් පස් දෙනෙකුට ලබාදෙන එන්නතක් එක් දරුවෙකුට ලබාදුන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන කි‍්‍රයාත්මක බවයි. ඒ සදහා විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් සමන්විත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සහිත කමිටුවක් පත්කර තිබෙනවා. ගලගෙදර ළමා සෞඛ්‍ය සායනයට ඊයේ පැමිණි පස් හැවිරිදි දරුවෙකුට අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය විසින් ති‍්‍රත්ව එන්නත ලබාදී තිබෙනවා.
දරුවන් 5 දෙනෙකුට ලබාදෙන එන්නත් ප‍්‍රමාණය ඇය මෙම දරුවාට එකවර එන්නත් කර ඇති බවයි දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ. කෙසේවෙතත් දරුවාට ඉන් කිසිදු අසාත්මිකතාවක් ඇති වී නැහැ. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය කියාසිටියේ. විමර්ශනයෙන් අනතුරුව අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බව ඇය අවධාරණය කළා.
No comments:
Post a Comment