2015/05/05 AT 5:52 PM ADMIN
නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අයවැය මගින්
ඉදිරියේදී වෙන්කෙරෙන මුදල සියයට 5ක් දක්වා ඉහළ නැංවීම තම අරමුණ බව ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බවට වාර්ථාවේ.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ අද(05) පෙරවරුවේ
මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරුම්
උළෙලට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රටක සංවර්ධනය මැනීමේදී
සැලකිලිමත් වන්නේ භෞතික සම්පත්වල දියුණුවට වඩා සෞඛ්‍ය අංශයන්ගේ තත්ත්වයන් කෙරෙහි
බවයි.
පසුගිය ආණ්ඩු සමයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා
ලෙස කටයුතු කළ තමාට දුම්වැටි නිවාරණ සහ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීම
වැනි ජාතික වැඩසටහන්වලදී කටයුතු කිරීමට සිදුවූයේ යදම් බැඳි අයෙකු සේ බවයි මෛත්‍රීපාල
සිරිසේන මහතා මෙහිදී සිහිපත් කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා
පෙන්වා දී ඇත්තේ වත්මන් ආණ්ඩුව යටතේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිය වෙනුවෙන්
ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවයි.
තම ධුර කාලයේ පළමු වසර අවසන් වන විට ලෝකයේ
කිසිදු රටකට හෝ කිසිදු පුද්ගලයෙකුට මෙරට නීතිය, යහ පාලනය, නිදහස සහ
ප්රජාතන්ත්රවාදය ප්‍රශ්න කළ නොහැකි තරමෙන් එම අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු
කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බවට වාර්ථාවේ.
No comments:
Post a Comment