Friday, August 14, 2015

නිදහස් ගිලන් රථ සේවයකට ඉන්දියාවෙන් ගිලන් රථ 88ක්නිදහස් ගිලන් රථ සේවයකට ඉන්දියාවෙන් ගිලන් රථ 88ක් Featured

කොළඹ සහ දකුණු පළාත තුළ නිදහස් ගිලන් රථ සේවා පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රජය ගිලන් රථ 88ක් පරිත්‍යාග කර ඇත. මෙම ගිලන් රථ ලක්රජයට ප්‍රදානය කිරීම පසුගියදා (12) කොළඹ දී සිදු කෙරිණි.
මෙම ගිලන් රථ ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම ගිලන් රථ අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාර දෙන ලදී.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ අවස්ථාවේ ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම ගිලන් රථ ලබාදීම සිදු විය. මෙම ගිලන් රථ සේවයක් පළමුව කොළඹ සහ දකුණු පළාතේ ක්‍රියාත්මක වනු ඇත.

අනාගතයේදී අනෙකුත් ප්‍රදේශවල මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. ක්‍රියාකාරී ගිලන් සේවයේ නියුක්ත වන සේවකයින් සඳහා පුහුණුවක් ලබාදීම ද මේ වනවිට ආරම්භ කර ඇත.

මෙම ගිලන් රථ භාර දෙන අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

SDF
Read 23 times

No comments:

Post a Comment