Monday, September 19, 2016

ලෝකයේ මුල්වරට හෘද කැතීටර සොයාගත් ලාංකිකයා



ලෝකයේ මුල්වරට හෘද කැතීටර සොයාගත් ලාංකිකයා
මෙය කියවන ඔබ ඇතැම්විට හෘදයේ රුධිර නාල අවහිරවීමකට ලක්ව ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයක් මගින් දිවි රැකගත් අයෙකු විය හැක. නොඑසේ නම් ඔබගේ සමීපතමයෙක් එවැනි උපකරණයක් මගින් දිවි රැකගෙන සිටිනවා විය හැකිය. එහෙත් ලෝ පුරා නතරවන්නට ගිය මිලියන ගණනක් හදවත්වලට ජීවය ලබා දුන් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරයේ නිර්මාතෘ ශ්‍රී ලාංකිකයෙකු බව ඔබ නොදැන සිටියා වියහැක. ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය නිර්මාණය කළේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය බන්දුල විජේරත්නය. ඇමෙරිකාවේ පදිංචිව සිට විද්‍යා පරීක්ෂණවල නියැලෙන ගෝලීය පුරවැසියෙකු වන ඔහු මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී. මේ ඔහු ලක්බිම සමග කළ පිළිසඳරකි.
ඔබේ ගම් පළාත කොහේද?
මම දකුණු පළාතේ. ගාල්ල බටදූව තමයි මගේ ගම.
පවු‍ලේ විස්තර කොහොමද?
අපේ පවු‍ලේ මම බාලයා. මට වැඩිමහල් අක්කලා දෙන්නෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් ගුරු වෘත්තියේ යෙදුණා. අනෙක් අක්කා බැංකු කළමනාකාරිනියක් ලෙස රැකියාව කළා.
එතකොට ඔබේ දෙමාපියන්?
මගේ තාත්තා ඒ.ජී.පී. විජේරත්න. අම්මා කත්‍රිනා හේමලතා. දෙන්නාම විදුහල්පතිවරු ලෙස කටයුතු කරා. ගෙදරම විදුහල්පතිවරු දෙදෙනෙක් හිටපු එක අපේ අධ්‍යාපනයටත් බලපාන්න ඇති.
ඔබේ පාසල් ජීවිතය මතක් කළොත්?
මම මුලින්ම ගියේ ඇතිලියගොඩ මහා විද්‍යාලයට. ඒක ටිකක් ගම්බදට වෙන්න තිබුණ පාසලක්. මම තුන්වෙනි ශ්‍රේණියට සමත් වෙනකං ඒ පාසලට ගියා.
තුන්වැනි ශ්‍රේණියෙන් පසු ඔබ ගියේ මොන පාසලටද?
තුන් වැනි ශ්‍රේණියට මා ඇතුළත් වූයේ ගාල්ල මහින්ද විදුහලටයි. මා උසස් පෙළ සමත් වුණේ එහිදී.
ඔබ කොහොමද පාසල් ගියේ?
බයිසිකලෙන්. මුලින්ම තාත්තා මාව ලැගේජ් එකේ තියාගෙන පාසලට එක්කරං ගියා. පස්සේ මම තනියම බයිසික‍ලේ පැදං මහින්දෙට ගියා.
ඒ කා‍ලේ බයිසික‍ලේ පාසල් යෑම විශේෂ වරප්‍රසාදයක්ද?
ඔව්. ඒ කා‍ලේ ෆුට් සයික‍ලේට අද මෝටර් සයික‍ලේක වටිනාකම තිබුණා. ඉතිං මම ෆුට් සයිකලෙන් මහින්දෙට යන එක ටිකක් විශේෂ දෙයක් තමයි.
ඔබ මොන විශ්වවිද්‍යාලයටද ඇතුළු වුණේ?
මම ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගියේ නෑ. උසස් පෙළ සමත් වෙනකොට මට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණා ඉන්දියාවේ ජදව්පුර් විශ්වවිද්‍යාලයේ. ඒක තියෙන්නේ කල්කටාවේ.
එහි ඉගෙනුම ලැබුවේ කුමන භාෂාවෙන්ද?
ඉංග්‍රීසියෙන්. මම පාසල් අධ්‍යාපනය ලැබුවෙත් ඉංග්‍රීසියෙන්. ඒක නිසා මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැටලුවක් වුණේ නෑ.
ඉන්දියාවේ ජීවිතය කොහොමද?
මම ශිෂ්‍යත්වලාභියෙක් නිසා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේමයි හිටියේ. කෑමත් එහෙන්ම ලැබුණා. නිවාඩු ලැබුණ ගමං මම ලංකාවට ආවා. ඒක නිසා ඉන්දියාවේ ඇවිදලා තොරතුරු බලන්න ලැබුණේ නෑ.
විශ්වවිද්‍යාලයේදී ඔබ හැදෑරුව විෂයන් කුමක්ද?
මා ඉගෙනුම ලැබුවේ රසායන ඉංජිනේරු තාක්ෂණය.
උපාධිය ලැබිමෙන් පසු කුමක්ද කළේ?
මම කෙටි කලක් ඉන්දීය තාක්ෂණ ආයතනයේ රැකියාව කළා. ඒ සමගම මගේ උසස් අධ්‍යාපනයත් කරගෙන ගියා.
ඔබ එහිදී හැදෑරුවේ කුමන කරුණුද?
විශේෂයෙන්ම මා සක්‍රිය කාබන් පිළිබඳ හැදෑරුවා. ‍පොල්කටුවලින් ගන්නා කාබන් සහ ඒවායේ ගුණාත්මක බව පිළිබඳ මා හැදෑරුවා.
ඔබ ආචාර්ය උපාධිය ලැබුවේ ඉන්දියාවෙන්ද?
නෑ. මම කෙටි කලකට පසු උසස් අධ්‍යාපනය අතහැර ලංකාවට ආවා. එලෙස ඇවිත් ITI ආයතනයේ රැකියාවක් කළා පර්යේෂණ නිලධාරියෙකු ලෙස.
එහිදී ඔබ වඩාත් පර්යේෂණවල නියැලුණේ කුමන විෂය කරුණු ගැනද?
‍පොල් පිළිබඳ බොහෝ දේ කළා. විශේෂයෙන්ම ‍පොල්වලින් ‍ප්‍රෝටීන් හදන ක්‍රමයක් ගැන මම උනන්දු වුණා. ඊට අමතරව පැඟිරි තෙල්, කුරුඳු තෙල් වැනි දේ පිළිබඳවත් මා පර්යේෂණ රැසක් කරා.
ඔබ යළිත් විදෙස් ගතවූයේ කුමන වසරේද?
1974 දී මම ඇමෙරිකාවට ගියා. ඒ මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නට. මා එහිදී දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට බැඳී රසායන ඉංජිනේරු විෂය හදාරා ආචාර්ය උපාධිය දිනා ගත්තා.
වෛද්‍ය උපකරණ පිළිබඳ ඔබ පර්යේෂණ කරන්න පටන් ගත්තේ කොයි කාලයේද?
1979 වනවිට මා එවැනි උපකරණ පිළිබඳ පර්යේෂණ ආරම්භ කළා.
මේ පර්යේෂණ ආරම්භ කළේ ස්වාධීනවද?
නෑ... මම ඒ වනවිට එඩ්වර්ඩ්ස් නම් ආයතනයට බැඳී සේවය කළා. මගේ පර්යේෂණ එහි සිට ආරම්භ කළා.
ඔබ පර්යේෂණ ආරම්භ කළේ කුමන ඉන්ද්‍රියකට සම්බන්ධවද?
හෘදය වස්තුව ඉලක්ක කර මා පර්යේෂණ ආරම්භ කළා.
ඇයි ඔබ හෘදය වස්තුව ඉලක්ක කර පර්යේෂණ ආරම්භ කළේ?
ඒක අහම්බයක්. මට හෘදය වස්තුව පිළිබඳ කියා විශේෂ උනන්දුවක් තිබුණේ නෑ. මා ඉබේම එතනට යොමු වුණා. පර්යේෂණ ආරම්භ කරනවිට අපි කාලීන තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ කා‍ලේ හෘදය වස්තුවේ ධමනි අවරෝධවීම සෑහෙන ගැටලුවක් බවට පත්ව තිබුණා.
ඒ කියන්නේ හෘදය වස්තුව පිළිබඳ ඔබ පර්යේෂණ ආරම්භ කළේ වාණිජ අරමුණින් කියන එකද?
නෑ. ඒ අවස්ථාවේ ඒ වගේ පර්යේෂණ අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ලෝකය පුරාම බොහෝදෙනකු ඒ ගැන පර්යේෂණ ආරම්භ කර තිබුණා.
ඔබේ පර්යේෂණය සාර්ථක වුණාද?
ඔව්. මට පුළුවන් වුණා නහරවල තිබුණ අවහිරතා ඉවත් කරන්නට පුළුවන් විශේෂ උපකරණයක් හදන්න. ඒ උපකරණය රුධිර නාලයක් ඔස්සේ හෘදයේ අවහිරවීම ඇති තැනට යවන්නට පුළුවන් විදිහේ විශේෂ උපකරණයක්. එය හඳුන්වන්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් යන නමින්.
මේ උපකරණයේ ක්‍රියාකාරීත්වය කෙබඳුද?
මෙය කලවයේ ඇති රුධිර නාලයක් තුළින් හෘදයේ අවහිරව ඇති ධමනි කරා යවන්න පුළුවන්. අවහිර වූ ස්ථානයට ගොස් බැලුමක් ආකාරයෙන් පුම්බන්නට පුළුවන්. එමගින් අවහිරතාව මගහැරෙනවා. මා මේ කැතීටරය පමණක් නොවෙයි එය හෘදය කරා යවන්න භාවිත කරන රුධිර ‍පොම්පයත් (Blood pump) මගේ සොයාගැනීමක්.
මෙම නිර්මාණවල පේටන්ට් අයිතිය කාටද?
මේ දෙකේම පේටන්ට් අයිතිය ඇත්තේ මටයි.
ඔබ මෙය නිෂ්පාදනය කළේ ඇමෙරිකානු සමාගමක් වෙනුවෙන්ද?
නෑ. මා මේ පර්යේෂණ ඇරඹුවේ ඇමෙරිකානු සමාගමක සිටියදී වුණත් මේ කැතීටරය නිර්මාණය කළේ ලියෝ කොර් නම් මාගේම සමාගමක් වෙනුවෙන්. එය ඇමෙරිකානු ලියාපදිංචිය සහිත එකක්.
මේ නිර්මාණයට භාවිත කළ මූලද්‍රව්‍ය කුමක්ද?
මුලින්ම භාවිත කළේ ‍පොලියතිලින් නම් ද්‍රව්‍ය යොදා පසුව නයිලෝන් භාවිත කළා. 1980 වනවිට මෙහි නිෂ්පාදන කටයුතු නිමකර තිබුණා. මා පශ්චාත් උපාධිය සඳහා ‍පොලියතිලින් ගැන විශේෂ හදෑරීමක් කර තිබුණා.
මෙය භාවිතාවට ගැනුණේ කුමණ කාලයකදීද?
නිපදවා වසර හතරකට පසු. ඒ කියන්නේ 1984 දී අප මෙය සතුන්ට සවිකර පරීක්ෂා කර බැලුවා. පරීක්ෂණ සාර්ථක නිසා 1988 වන විට මානව භාවිතයට හඳුන්වා දුන්නා.
මුලින්ම භාවිත කළේ ඇමෙරිකාවේදීද?
නෑ. මුලින්ම භාවිත කළේ ජපානයේදී. ඇමෙරිකාවේදී නව නිපැයුම් අත්හදාබැලීමට කල් යනවා. ඒ නිසා අපි මුලින්ම ජපානයටත් පසුව යුරෝපයටත් යැව්වා.
රුධිරවාහිනී අවරෝධවීමට යොදා ගන්නා ස්ටන්ට් එකත් ඔබේ නිර්මාණයක්ද?
මා ස්ටන්ට් එක නිපදවූ බව ඇත්ත. ඊට සමකාලීනව තවත් අප මෙවැනි නිර්මාණ කළා. එබැවින් එය මගේම නිර්මාණයක් කියා කියන්න අමාරුයි.
ස්ටන්ට් එක සහ ඔබ හඳුන්වා දුන් කැතීටරය අතර වෙනස කුමක්ද?
ස්ටන්ට් එක යොදා ගැනීමෙන් පසු යළි අවහිරවීම 1 වගේ අඩු අගයක් ගන්නවා. ඒත් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටර බැලුන මගින් එය 30 වගේ ලොකු අගයක් ගන්නවා.
ඔබේ ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටරය භාවිත කිරීම කොතරම් දුරට සාර්ථකද?
ඉතා සාර්ථකයි. අද වන විට ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරයක් හෝ ස්ටන්ට් එකක් දැමීම දතක් ගලවනවාටත් වඩා සරලවී තිබෙනවා. දැන් වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ අවබෝධයක් තිබෙනවා.
මේ වන විට ඔබ සොයාගත් ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටර් කොපමණ දෙනෙකු භාවිතා කර තිබෙනවාද?
මට හරියටම කියන්න බෑ. මිලියන ගණනක් විය හැකියි.
නතරවීමට ගිය හදවත් මිලියන ගණනකට යළි ජීවය දීමට හැකිවීම ගැන ඔබට දැනෙන හැඟීම කෙබඳුද?
සතුටුයි.
ඔබ සොයා ගත්තේ මේ නිපැයුම් දෙක පමණද?
නෑ. කැතීටරය යවන්නට පෙර රුධිර නාලයේ අවහිරවූ තැන හඳුනාගත යුතුයි. ඊට අදාළ ඇන්ජියෝ ග්‍රැෆික් නම් පරීක්ෂණ සොයාගත්තෙත් එහි පේටන්ට් අයිතියත් ඇත්තේ මටයි.
ඔබ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර නැද්ද?
කෙදිනකවත් මා වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර නැහැ.
එහෙත් ඔබ විසින් සිරුරට අදාළ පර්යේෂණ කරනවා. ශරීරයට ඇතුළු කරන උපකරණ නිපදවනවා. ඊට සදාචාරාත්මක අයිතියක් ඔබට තිබේද?
ඔබ මෙවැනි ප්‍රශ්නයක් අසන්නේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය අනුව විය යුතුයි. එහෙත් ඇමෙරිකාවේ එවැනි ගැටලු නෑ. මනුෂ්‍ය ශරීරය ගැන පරීක්ෂණ කරන්න වෛද්‍යවරයෙකු වන්නට ඕන නෑ. මා කරාටත් වඩා මිනිස් සිරුරට සම්බන්ධ සංකීර්ණ පරීක්ෂණ එරට යාන්ත්‍රික ඉංජිනේරුවරුන් කරනවා. විවිධ වෘත්තිකයන්ගේ දැනුම හා කුසලතා මිනිස් වර්ගයේ දියුණුවට යොදාගන්නට එහි බාධා නෑ.
ඔබ ශ්‍රී ලංකාවට පැමිණ මෙවැනි විෂයන් ගැන දේශන පවත්වනවා. එහිදී විරෝධතා මතුවන්නේ නැද?
මා මෙහි විත් සිටින්නේ ඇන්ජියෝ ප්ලාස්ටි බැලුන කැතීටරය සොයාගත් ලාංකිකයා ලෙස නොවෙයි. ගෝලීය චරිතයක් ලෙස. ඒ නිසාදෝ මට විරුද්ධතා නෑ.
ඔබ ඇමෙරිකාවට ගොස් එහි පදිංචිවීම ගැන කනගාටු වනවාද?
නෑ... මා මෙහි සිටියා නම් ඔබ පෙර ඇසූ පරිදිම මට හෘදය ගැන පරීක්ෂණ කරන්න බෑ. මා ඇමෙරිකාවට ගිය නිසා මට වඩා මානව වර්ගයාට යහපතක් උදා වුණා කියා මට හිතෙනවා.
ඔබ ලංකාවට පැමිණියේ විශේෂ කරුණක් නිසාද?
සැබැවින්ම අප මෙහි පැමිණ සිටිනුයේ විශේෂකාර්යක් වෙනුවෙන්. ඒ SCIENCE AND TECHNOLOGY FOR SOCIETY FORUM සමුළුවට සහභාගි වීමටයි. ඒ සඳහා මා පමණක් නොවෙයි තවත් ලාංකික විද්‍යාඥයන් 30කට අධික ගණනක් ආවා. ඇමෙරිකාවේ හුස්ටන්වලින් විතරක් 12ක් විතර ආවා.
මෙතුවක් කල් ඔබලා ශ්‍රී ලංකාවට නොපැමිණියේ ඇයි?
අපි අවා ගියා. ඒත් ජාතික කර්තවයකට අපි සම්බන්ධ කරගත්තේ නෑ. දැං ඊට වඩා වෙනත් පිළිවෙළක් තියෙනවා. විද්‍යා තාක්ෂණ ඇමැතිතුමා අපිට ඇමෙරිකාවට ඇවිත් ආරාධනා කරා මෙහි එන්න. අපි සූදානම් අපේ තාක්ෂණය, දැනුම මව්බිමට ලබාදෙන්න. මම දැනට රුහුණු විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කරනවා. ඉදිරියේදී තව තවත් වැඩවලට දායකවන්න බලා‍පොරොත්තු වෙනවා. අපේ තත්පරයක් පවා විශාල මුදලකට මිල වෙනවා. ඒ වුණත් අපි මේ සේවය කරන්නේ නොමි‍ලේ.
ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු?
මගේ බිරිඳ කොන්ස්ටන්ට්. ඇය මගේ සමාගමේ කටයුතුවලට දායක වෙනවා. මගේ ලොකු පුතා විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයා තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ විශේෂඥයෙක්. බාල පුතා මෑතදී විවාහ වුණා. එයා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්.
අනාගතයේ කරන නිර්මාණ මොනවාද?
ඉතා වැදගත් පරීක්ෂණ කිහිපයක් දැනටමත් කරමින් ඉන්නවා.
ඔබ සොයා ගත් ඇන්ජියෝ ප්ලාස්ටි කැතීටර් භාවිත කර දිවි බේරාගත් අය ඔබට මුණගැසී තිබෙනවාද?
අනන්තවත් මුණ ගැසී ඇති. මා එවැනි දේ ගැන සැලකිලිමත් වන්නේ නෑ. රෝගියෙකුගේ දිවි රකින්න මාගේ සොයාගැනීම පමණක් නොවෙයි තවත් විශාල පිරිසකගේ දායකත්වය ඕන කරනවා.
ඇමෙරිකාවේදී වෛද්‍ය විෂයට අදාළ පරීක්ෂණ කිරීමට යාමේදී ඔබට යම් ගැටලුවලට මුහුණදීමට වූවාද?
නෑ. ඇමෙරිකාවේදී සලකාබලන්නේ මිනිසුන්ගේ කුසලතා සහ හැකියාවන් පමණයි. ඔවුන්ගේ ජාතිය හෝ ආගම එහි තකන්නේ නෑ. ඔවුන් ගෝලීය මානසිකත්වයකින් කටයුතු කරනවා මිස අප මෙන් දූපත් මානසිකත්වයක කොටුවී නෑ.
ශ්‍රී ලංකාව කඩිනමින් සංවර්ධනය කිරීමට කඩිනමින් විය යුතු වෙනස්කම් මොනවාද?
රටක දියුණුවට හොඳම ක්‍රමය විද්‍යාව සමග එරට ජනතාවට නැගිටීමට හුරු කිරීමයි. අපිත් එයට හුරුවිය යුතුයි. අන්තර්ජාලය විධිමත්ව භාවිත කිරීම රටක් දියුණු කරන්නට හොඳම ක්‍රමයයි. එය හරියට පාවිච්චි කරනවා නම් පාසල් වේලාවෙන් පස්සේ වාහන තදබදය අඩුකරන්න පුළුවන්. ළමයි පාසල් නිමවී ගෙදර ගිහින් අන්තර්ජාලයේ ඉගෙන ගනියි. ටියුෂන් පන්ති අන්තර්ජාලයට මුසු කිරීම පමණයි කළ යුත්තේ. එවිට ළමයි කල්ඇතිව ගෙදර ගිහිං සැහැල්ලුවෙන් ඉගෙන ගනියි. වාහන තදබදය අඩු නිසා පරිසර දූෂණය අඩුවෙනවා. තෙල්වලට වැයවෙන විනිමය ඉතිරි වෙනවා. තවදුරටත් කියනවා නම් අන්තර්ජාලය හරහා අනුරාධපුරේ ඉන්න ගොවියෙකුට හුස්ටන්වල ඉන්න වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත හැකියි. සියලු මායිම් භේද දුරලා ගෝලීය පුරවැසියන් ලෙස කටයුතු කිරීමට අන්තර්ජාලයෙන් පුළුවන්. එය රටේ සංවර්ධනයට හොඳම මගයි. නොමි‍ලේම බැරිනම් ඉතා සහනදායී මිලකට එය ලබාදිය යුතුයි.
ඔබේ ජීවිතය දෙස හැරී බැලුවහොත් තෘප්තිමත් විය හැකිද?
මා ගාල්ලේ ඉපිද ‍පොඩි පාසලකින් ඉගෙනුම අරඹා මහින්ද විදුහලෙන් ඉගෙනීම නිම කළා. පසුව මා ඉන්දියාවත්, ඇමෙරිකාවත් ඇතුළු රටවල් ගණනාවක ජීවත්වෙමින් විවිධ පර්යේෂණ කරා. අදවන විට මා ලෝකයට ප්‍රමාණවත් දෙයක් ඉතුරුකරලා තිබෙන බව මට විශ්වාසයි. මගේ වැඩ තවමත් නිම නෑ, කරගෙන යනවා. එදා ගාල්ලේ මහින්දයට පාපැදිය පැදගෙන ගිය මා අද ඇමෙරිකාවේදී විනෝදයට පදවන්නේ ගුවන් යානා. මා සොයාගත් දේ නිසා නතරවන්නට ගිය හදවත් මිලියන ගණනක් තවමත් ස්පන්දනය වෙනවා. ඉතින් මා තෘප්තිමත්වීම අසාධාරණද?
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
ඡායාරූප: චින්තක උදයකාන්ත

Sunday, August 14, 2016

Grade 11 Nursing -EB RESULT -2016

ප්‍රතිපල බැලීමට පහත් ලින්කය ක්ලික් කරන්න
http://www.health.gov.lk/en/exam/results/2016/NURSING%20RESULT%20GRADE%20II%20%202016.pdf

Tuesday, May 24, 2016

මේ කාරුණික ඔබගේ සහයෝගය අවශ්‍යම මොහොතයි 
වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් අවතන් ජනතාව වෙත  සහන සැලසීමට සංගමය තීරණය කර ඇත . 

Friday, May 13, 2016


ජාත්‍යන්තර  හෙද දිනය  2016

international Nurses day 2016

2016 ජාත්‍යන්තර හෙද දින සැමරුම් උළෙල මැයි මස 12 ඉතා උත්කර්ෂවයෙන් හා ගාම්භීරත්වයෙන් සමරනු ලැබීය.ඒ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මැදුරේදී යි.




උත්සව සභාව ඇමතූ සෞඛ්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මැතිතුමා  තම දේශනයේදී  හෙද හෙදියන් සඳහා වන හෙද පීඨය වහාම ආරම්භ  කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන කිසිදු බාධවකින් තොරව ලබාදීමට හා එය හැකි ඉක්මනින් කොළඹ විශ්ව විද්‍යාලයට අනුබදධව  ආරම්භ කිරීමට පුර්ණ සහයෝගය දීමට එතුමා පොරොන්දු විය . සියලු මූලික සැලසුම් අවසන් මෙහි වැඩකටයුතු ඉදිරි දිනවල ආරම්භ කිරීමට සැලසුම් කර ඇත .
ප්‍රජා සෞඛ්‍ය හෙද තනතුර ජුනි , ජූලි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත .මෙතෙක් කලක් අඩුපාඩුවක් ලෙස පැවති අග්‍රහාර රක්ෂණය විශ්‍රාමිකයන්ට ලබාදීමට තීරණය විය .
 ගරු සාගල රත්නායක , චම්පික රණවක , අකිල විරාජ් කාරියවසම්  මහත්වරුන් සභාව අමතන ලදී.  ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තුමාගේ සම්ප්‍රාප්ත වීම  පස්වරු 12 .30 පමණ සිදුවිය . 



       















Sunday, February 7, 2016

ලොව ම ගිල ගන්නා Zika ගැන ඔබ නොදැන සිටි අලුත් ම කතාව මෙන්න

 Feb 03, 2016    LocalScienceTop SliderWorld  0

Update: ලොව ම ගිල ගන්නා Zika ගැන ඔබ නොදැන සිටි අලුත් ම කතාව මෙන්න
After taking the virus spread by mosquito financial year has been interested in the whole world, until now with regard to the detector is presented.
It is through sexual intercourse with the American record of patient suffering from the virus.
US Centers for Disease Control, say, Texas, have been reported in a patient in it.
The woman is now spreading the disease has not been visited by any country, and the person has been revealed that her partner had come from Venezuela.
Pregnant mother and her child would be born infected, with the brain has not grown properly.
If the virus is primarily spread by mosquito Pregnant Mother embraced log header (the relatively small heads and limbs and brain ækiḷiṇu character) with children born with.
Excrete virus over the infant's life special attention should be between the children and the health authorities are warning that the most affected.
87877669_zikagfx1
At present the disease is spreading in the United States and the World Health Organization yesterday announced that the virus each financial situation on the global public health emergency.
World Health Organization warns that the Ebola virus in the financial year with a powerful virus.
The financial year of virus infection were reported in Australia, and they have revealed that two from the Caribbean.
Brazil has been severely affected by the virus spreading from going more than 20 other countries, is now completed and vairadaya spread.
Virus have been reported in financial year only 40,000 HIV Brazil since October last year.
The risk is to raise this to suppress the virus can be found in the lack of a vaccine or treatment.
Each financial year for the first time the virus has been found, the monkeys bred in Uganda if each financial year aśreyani 1947.
A person suffering from the virus was first reported on in 1954 in Nigeria.
The risk due to pregnancy, as some countries women are from overseas and warned that the records.
Persons suffering from minor flu virus, the body as well as the pain and the symptoms are headaches driveway.
The financial year of the virus is spread by the dengue epidemic spreads, as well as cikangunyā first aijipṭayi aedes mosquito.
To refrain from traveling to countries where the virus has spread to many countries in the world earlier issued a travel warning.
The focus was to pregnant women in connection.
The country has issued warnings to the alert while traveling to countries elsewhere in the spread of the virus and the Ministry of Health, the country's financial year.
87921713_zika_virus_spread_6241
The financial year is a virus spread through sexual intercourse are also the more dangerous situation should be referred to the attention back to the whole world.
However, in the face of this dangerous world, we raise the convince, breeding mosquitoes that can not be cleaned and prepared before taking the risk locations?

ලොව ම ගිල ගන්නා Zika ගැන ඔබ නොදැන සිටි අලුත් ම කතාව මෙන්න

 Feb 03, 2016    LocalScienceTop SliderWorld  0

Update: ලොව ම ගිල ගන්නා Zika ගැන ඔබ නොදැන සිටි අලුත් ම කතාව මෙන්න
මුළු ලෝකයේ ම අවධානයට ලක්ව තිබෙන සිකා වෛරසය මදුරුවෙකු මගින් පැතිර යන බවට හඳුනා ගත්ත ද මේ වන විට ඒ සම්බන්ධයෙන් අලුත් ම අනාවරණයක් ඉදිරිපත් වී තිබෙ.
ඒ ලිංගික සංසර්ගය මගින් වෛරසය වැළඳුණු රෝගියෙකු පිළිබඳ අමෙරිකාවෙන් වාර්තා වීමත් සමග ය.
අමෙරිකානු රෝග පාලන ආයතනය පවසන්නේ, ටෙක්සාස් ප්‍රාන්තයෙන් රෝගියෙකු පිළිබඳ වාර්තා වී ඇති බව ය.
අදාළ කාන්තාව මේ වනවිට රෝගය පැතිර පවත්නා කිසිදු රටක සංචාරය කර නොමැති අතර ඇයගේ සහකරු වෙනිසුවෙලාවේ සිට පැමිණි අයෙකු බවට හෙළිදරව් වී තිබේ.
ගැබිණි මවකට අසාදනය වුවහොත් ඇයගේ දරුවා උපත ලබන්නේ, නිසි ලෙස වර්ධනය නොවු මොළයක් සහිතව ය.
මූලිකව මදුරුවෙකු මගින් පැතිර යන මෙම වෛරසය ගැබිණි මාතාවකට වැළඳුණ හොත් ලඝු ශීර්ෂතාව (සාපේක්ෂව කුඩා වූ හිස් කබළක් සහ මොළය ඇකිළිණු ස්වාභාවයක්) සහිත දරුවන් උපදිනු ඇති.
මෙම වෛරසය වැළඳුණු ළදරුවන්ගේ ජීවිත කාලය පුරා ම විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර ඉන් දරුවන්ට දැඩි බලපෑම් අති කරනු ඇති බවට ද සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.
87877669_zikagfx1
මේ වන විට රෝගය අමෙරිකාව තුළ ද පැතිර යමින් පවතින අතර ඊයේ දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය සිකා වෛරසය මහජන සෞඛ්‍ය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ මෙම සිකා වෛරසය ද ඉබෝලා වෛරසයේ ප්‍රබලත්වයම සහිත බවට ය.
මේ අතර සිකා වෛරසය අසාදනය වූ දෙදෙනෙකු පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් ද වාර්තා වී ඇති අතර ඔවුන් කැරිබියන් දූපත්වල සිට පැමිණි දෙදෙනෙකු බව හෙළි වී තිබේ.
වෛරසය පැතිර යාමෙන් බ්‍රසීලය දැඩි පීඩාවට පත්ව ඇති අතර තවත් රටවල් 20කට වැඩි සංඛ්‍යාවක මේ වන විට වෛරදය පැතිර ගොස් අවසන් ය.
පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා බ්‍රසීලයෙන් පමණක් සිකා වෛරසය ආසාදිතයින් 40000ක් වාර්තා වී තිබේ.
මෙහි අවදානම් සහගත තතත්වය වන්නේ, මේ දක්වා වෛරසය මර්දනය කළ හැකි එන්නතක් හෝ ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති වීම ය.
සිකා වෛරසය මුල් වරට සොයා ගනු ලැබ ඇත්තේ, 1947 වසරේ උගන්ඩාවේ සිකා නම් කැළෑවේ සිටි වඳුරන් අශ්‍රෙයනි.
මුල් වරට වෛරසය වැළඳුණු පුද්ගලයෙකු වාර්තා වී ඇත්තේ, 1954 වසරේ නයිජීරියාවෙනි.
මෙම අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ගැබ් ගැනීමෙන් වැළකී සිටින ලෙස ඇතැම් රටවල් කාන්තාවන්ට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් ය.
වෛරසය වැළඳුණු පුද්ගලයන් සුළු උණ, සිරුරේ මෙන් ම හන්දිවල වේදනාව ඇති වීම සහ හිසේ කැක්කුම යන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
ඩෙංගු මෙන් ම චිකන්ගුන්යා වසංගත රෝග පැතිරීවීමට මුල් වන ඊඩිස් ඓජිප්ටයි මදුරුවා විසින් මෙම සිකා වෛරස ය ද පතුරුවනු ලබයි.
වෛරසය පැතිරී ගොස් ඇති රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ලොව බොහෝ රටවල් මීට පෙර සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කළේ ය.
එහිදී වැඩි අවධානයක් යොමු කෙරු‍ණේ ගැබිණි කාන්තාවන් සම්බන්ධයෙනි.
මේ අතර මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය ද සිකා වෛරස් රෝගය පැතිරී ඇති රටවල සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙස මෙරට ජනාතවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
87921713_zika_virus_spread_6241
මේ අතර සිකා වෛරසය ලිංගික සංසර්ගය මගින් පැතිර යන්නේ නම් එය වඩාත් අනතුරුදායක එමෙන් ම මුළු ලෝකයේ ම අවධානය යළි යළි ත් යොමු විය යුතු තත්ත්වයකි.
කෙසේ වෙතත් ලොව මුහුණ දී ඇති මෙම අනතුරුදායක තතත්වය හමුවේ අපට ඒත්තු ගන්වන්නේ, මඳුරුවන් බෝ විය හැකි ස්ථාන පිරිසිදු කර ගනිමින් අවදානමට පෙර සූදානම් විය යුතු බව නොවේ ද?