Sunday, January 17, 2016

මාතර හෙද විදුහලට ඉන්වෙන්ට්‍රි බාරදීමට පැමිණ,පසු 10 දින අලුයම රෝගී තත්වයක් උත්සන්නව පැමිණි මොහොතේ මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ඇතුලත් කිරීමෙන් සුළු මොහොතකදී ජීවිතයෙන් සමුගත් ඇයට නිවන් සුව පතමු.

Friday, November 13, 2015

INTERNATIONAL DIABETES DAY 2015 -11-14 _NEW DISTRICT GENERAL HOSPITAL, MATARA

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මගින් සංවිධානය කරන ලද ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුව හා ප්‍රදර්ශණය  අද(14)  නව රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.මෙහිදී කායික රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධි මොහොට්ටි මහත්මිය මධුමේහය  හෙවත් දියවැඩියාව පිළිබඳව දැනුවත් කරන ලදී. මීට අමතරව වෛද්‍ය  රුවිනි ප්‍රසාදිකා මහත්මියද, හෙද නිලධාරිණී ප්‍රියන්ති අමරසිංහ , හෙද නිළධාරිණී නිමේෂා යසරත්න ,හෙද නිළධාරීණී රම්‍යා ගමගේ යන මහත්මීන්ද දියවැඩියා රෝගීන්ගේ ආහාර රටාව, ඉන්සියුලින් ප්‍රතිකාරය , ව්‍යායාම, ජීවන රටාව හැඩගස්වා ගන්නා ආකාරය ආදිය පිළිබඳව දැනුවත් කරන ලදී.එහි විශේෂ අවස්ථාවන් පහත දැක්වේ.











Friday, August 14, 2015

නිදහස් ගිලන් රථ සේවයකට ඉන්දියාවෙන් ගිලන් රථ 88ක්නිදහස් ගිලන් රථ සේවයකට ඉන්දියාවෙන් ගිලන් රථ 88ක් Featured

කොළඹ සහ දකුණු පළාත තුළ නිදහස් ගිලන් රථ සේවා පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රජය ගිලන් රථ 88ක් පරිත්‍යාග කර ඇත. මෙම ගිලන් රථ ලක්රජයට ප්‍රදානය කිරීම පසුගියදා (12) කොළඹ දී සිදු කෙරිණි.
මෙම ගිලන් රථ ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම ගිලන් රථ අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාර දෙන ලදී.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ අවස්ථාවේ ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම ගිලන් රථ ලබාදීම සිදු විය. මෙම ගිලන් රථ සේවයක් පළමුව කොළඹ සහ දකුණු පළාතේ ක්‍රියාත්මක වනු ඇත.

අනාගතයේදී අනෙකුත් ප්‍රදේශවල මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. ක්‍රියාකාරී ගිලන් සේවයේ නියුක්ත වන සේවකයින් සඳහා පුහුණුවක් ලබාදීම ද මේ වනවිට ආරම්භ කර ඇත.

මෙම ගිලන් රථ භාර දෙන අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

SDF
Read 23 times


පිළිකා රෝගීන්ගේ ප‍්‍රතිකාර කටයුතු සහ ඔවුන්ගේ වෙනත්      
ජීවන ගැටළු විසඳීම සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරියේ දී ක‍්‍රියාවට නංවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ.

ශ‍්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේසංගමය සමග ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදියි. 

රුධිර පිළිකාවන්ට ගොදුරුවී සිටින රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර කිරීමට විශේෂ ආයතනයක් පිහිටුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. 

ඇට මිදුළු බද්ධ කිරිමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහ රටපුර පිහිටි සියලූ පිළිකා මර්දන ආයතනවල තාක්‍ෂණික පහසුකම් නැංවීමට ද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. 
- See more at: http://nethfm.com/article/79909#sthash.Ifh4fza5.dpuf