Friday, August 14, 2015

නිදහස් ගිලන් රථ සේවයකට ඉන්දියාවෙන් ගිලන් රථ 88ක්නිදහස් ගිලන් රථ සේවයකට ඉන්දියාවෙන් ගිලන් රථ 88ක් Featured

කොළඹ සහ දකුණු පළාත තුළ නිදහස් ගිලන් රථ සේවා පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රජය ගිලන් රථ 88ක් පරිත්‍යාග කර ඇත. මෙම ගිලන් රථ ලක්රජයට ප්‍රදානය කිරීම පසුගියදා (12) කොළඹ දී සිදු කෙරිණි.
මෙම ගිලන් රථ ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම ගිලන් රථ අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාර දෙන ලදී.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ අවස්ථාවේ ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම ගිලන් රථ ලබාදීම සිදු විය. මෙම ගිලන් රථ සේවයක් පළමුව කොළඹ සහ දකුණු පළාතේ ක්‍රියාත්මක වනු ඇත.

අනාගතයේදී අනෙකුත් ප්‍රදේශවල මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. ක්‍රියාකාරී ගිලන් සේවයේ නියුක්ත වන සේවකයින් සඳහා පුහුණුවක් ලබාදීම ද මේ වනවිට ආරම්භ කර ඇත.

මෙම ගිලන් රථ භාර දෙන අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

SDF
Read 23 times


පිළිකා රෝගීන්ගේ ප‍්‍රතිකාර කටයුතු සහ ඔවුන්ගේ වෙනත්      
ජීවන ගැටළු විසඳීම සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරියේ දී ක‍්‍රියාවට නංවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ.

ශ‍්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේසංගමය සමග ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදියි. 

රුධිර පිළිකාවන්ට ගොදුරුවී සිටින රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර කිරීමට විශේෂ ආයතනයක් පිහිටුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. 

ඇට මිදුළු බද්ධ කිරිමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සහ රටපුර පිහිටි සියලූ පිළිකා මර්දන ආයතනවල තාක්‍ෂණික පහසුකම් නැංවීමට ද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. 
- See more at: http://nethfm.com/article/79909#sthash.Ifh4fza5.dpuf

Sunday, June 28, 2015

පාසල් සිසුන් 23කට ඒඩ්ස්
2015-06-24 07:57:17
      Views - 6607
අනාරක්‍ෂිත ලිංගික හැසිරීම්වලට යොමුවීම හේතුවෙන් පසුගිය වසරේදී පාසල් සිසුන් 22 ක්‌ ද, මෙම වසරේදී පාසල් සිසුන් 23 ක්‌ ද, එච්අයිවී /ඒඩ්ස්‌ වෛරසයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා "දිවයින" ට පැවසීය.

පසුගිය වසරේදී පාසල් සිසුන් 22 ක්‌ ද මෙම වසරේ සිසුන් 23 ක්‌ පමණ ද එච් අයි වී /ඒඩ්ස්‌ වෛරසයට ගොදුරු වී ඇති බව හඳුනාගෙන ඇති අතර මෙම සංඛ්‍යාව වර්ෂයෙන් වර්ෂය ඉහළ යැමේ අවදානමක්‌ පවතින බව වෛද්‍ය ලියනගේ මහතා කීවේය.
 
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ඇතිව දිවයිනේ සියලු පාසල්වල වයස අවුරුදු 14 සිට ඉහළ සිසුන්ට එච් අයි වී /ඒඩ්ස්‌ රෝගය පිළිබඳවත් එය වැළඳෙන හා නිවාරණය කරගන්නා ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක්‌ මෙම මස මුල සිට කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පාසල්වලින් ආරම්භ කළ බව හෙතෙම අවධාරණය කළේය.
 
මෙම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා වෛද්‍යවරුන්ට අමතරව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හා හෙද සොයුරියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්‌ඩලවල දායකත්වය ලැබේ.
 
මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්‌වා කාලය තුළදී දිවයිනෙන් එච් අයි වී/ ඒඩ්ස්‌ වෛරසය ශරීරගතවූවන් 100 දෙනකු පමණ වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරය එනම් සියයට 65 ක්‌ පිරිමින් වන බව ද වෛද්‍ය ලියනගේ කීවේය. මෙම ඒඩ්ස්‌ වෛරසය ශරීරගත වූවන්ගෙන් බහුතරය වයස අවුරුදු 25 ත් 49 ත් අතර වයස්‌ කාණ්‌ඩයට අයත් වන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය

ඒමන්ති මාරඹේ
(උපුටා ගැනීම දිවයින පුවත්පත)
- See more at: http://offair.nethfm.com/article/22149#sthash.OjWyz8sY.dpuf

Monday, June 8, 2015

අක්‌ෂි පටල ප්‍රදාහය

අක්ෂි රෝගය පාලනයට වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න
අක්‌ෂි පටල ප්‍රදාහය නමින් හැඳින්වෙන අක්ෂි රෝගයක් මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ.

ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සනත් ද සිල්වා මහතා  සඳහන් කළේ දිනකට අක්ෂි රෝගීන්  65 දෙනෙකු පමණ ප්‍රතිකාර ගැනීම සඳහා ජාතික අක්ෂි රෝහලට පැමිණෙන බවයි.

ඇස් රතු වීම, කඳුලු ගැලීම, හිසරදය, හිරු එළිය දෙස බැලීමට අපහසුවීම මෙම  රෝගය හඳුනාගැනීමේ ලක්ෂණ වන බව සනත් ද සිල්වා මහතා සඳහන් කළේය.

රෝග ලක්ෂණ පහල වූ වහාම සුදුසු වෛද්‍යවරයෙකු වෙත යොමුවීම සහ රෝගය පැතිරයාම පාලනය කිරීමට වෛද්‍ය  උපදෙස් අනුව ක්‍රියාකරන ලෙස  වෛද්‍ය සනත්ද සිල්වා මහතා  පැවසුවේය.
 
විශේෂයෙන් ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් හැකි තරම් ඉවත්වීම මෙම රෝගය ව්‍යාප්තවීම පාලනයට හේතුවන බව සෞඛ්‍ය අංශය පෙන්වාදෙයි.

logo