Saturday, April 18, 2015


පිළිකා නසන්න නව ක්‍රමයක් සොයාගනී
2015-04-17 12:18:07
      Views - 2535
පිළිකාව කියන නම ඇහුනත් දැනෙන්නෙ තරමක බියක්. හැබැයි දැන් ඒ බිය නැති කර ගන්න කාලය ඇවිත් වගේ. මොකද ප්‍රෝටීනයක් මගින් පිළිකා සෛල සහ වෛරස් විනාශ කළ හැකි අයුරින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල දැමිය හැකි බව පිළිකාවට එරෙහි නව ප්‍රතිකර්මයක් සොයාගත් පර්යේශකයින් පිරිසක් පවසනව.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි විද්‍යාඥයින් පිරිසක් ජාන ප්‍රතිකාර ක්‍රමය පදනම් කරගනිමිනුයි මේ නව ප්‍රතිකාරය සොයාගෙන තියෙන්නෙ. වසර දෙකක පමණ කාලයක් මෙය අත්හදා බලා ඇතිබවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නෙ.

මහාචාර්ය පිලිප් ඇස්ටන් පවසන්නෙ මෙතෙක් සොයාගෙන අැති ප්‍රතිකාර ක්‍රමයන්ට සම්පූර්ණයෙන්ම වෙනස් මෙම ක්‍රමයෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීම මගින් පිළිකා මර්ධනය කළ හැකි බවයි.
http://offair.nethfm.com/article/16281

01

Friday, April 17, 2015

ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ පහන වෙන්දේසියේ

ෆ්ලෝරන්ස් නයිටිංගේල් නම හෙද වෘත්තිය සමග ගෞරවනීය බැඳීමක් ඇති නාමයකි. ලෝක යුද සමයේ හෙදියක ලෙස සේවය කළ ෆ්ලෝරන්ස් නයිටිංගේල් තම වෘත්තිය ඉමහත් කැපවීමෙන් සිදු කළාය. එවකට ඇය සිය අත්දැකීම් අළලා ලියූ ලිපි මාලාවක් පසුකාලීනව ඉතා ජනප්‍රිය වූ අතර එහි සඳහන් පිත්තල පහන බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට සමත් වී තිබුණි.

රාත්‍රී කාලයේ රෝගීන්ගේ සුවදුක් විමසීම පුරුද්දක් කර ගෙන සිටි ෆ්ලෝරන්ස් නයිටිංගේල් හෙදියට ඒ සඳහා සහාය වූයේ මෙම පිත්තල පහනේ ආලෝකයයි. මෙම පහන අතින් ගෙන ඇවිදීම නිසා ෆ්ලෝරන්ස් නයිටිංගේල්ට පහනක් අතින් ගත් යුවතිය යැයි නමක්ද පටබැඳී තිබුණි.

ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ අභාවයෙන් පසුව මෙම පිත්තල පහනේ හිමිකාරිත්වය ලැබුණේ ඇගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුන අක්කා නගෝ දෙදෙනකුටය. ඔවුන්ගේ පරම්පරා කිහිපයක්ම මෙම උරුමය සුරැකි අතර දැන් මෙම පිත්තල පහන වෙන්දේසි කිරීමට එහි වත්මන් හිමිකරුවන් තීරණය කොට තිබේ. එළැබෙන ජුනි මස 26 වැනිදා මෙම පහන බි්‍රතාන්‍යයේදී වෙන්දේසි වීමට නියමිතය.
ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගෙන් පසු මෙම පහන අතට ගන්නේ කවුදැයි දැන ගැනීමට දැන් ලොවම පෙරමග බලා සිටී.
අචිනි සෝමචන්ද්‍ර - ඬේලි මේල් ඇසුරෙනි
http://www.rivira.lk/onlinenews/world-news/86407-%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%84%E0%B6%B1-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.html

Thursday, April 9, 2015

Central Venous Pressure or CVP in short, is defined as the pressure in the central veins (internal jugular, subclavian or femoral). Basically, it is referred to as the blood pressure in the proximal SVC, near the junction with the right atrium.
Usually, measurement of CVP is recommended for patients with hypotension who are not responding to basic clinical management; has continuing hypovolaemia secondary to major fluid shifts or loss and those who require infusions of inotropes. CVP may also be used to diagnose right ventricular infarction, PE, ARDS, cor pulmonale and tamponade. However, it cannot be used to assess fluid responsiveness as there is very poor relationship between CVP and blood volume, and CVP/DeltaCVP is a poor predictor of the hemodynamic response to a fluid challenge.
CVP can be measured using an indwelling central venous catheter and either manually using a pressure manometer or electronically using a transducer. Usually, the manometer is used especially in wards. But in both ways, it must be ‘zeroed’ at the level of the right atrium. You may do this by taking it at level of the 4th intercostal space in the mid-axillary line while the patient is lying supine, each time at the same zero position.
Are you a nursing graduate who have been looking for employment opportunities for some time now? Are you eager to start your nursing career but are getting frustrated because you are still waiting for that elusive job offer?
Here are some tips on how you'll be hired - http://ow.ly/L0MHc
Information for nursing students and professional nurses. Provides latest job opportunities for nurses and news concerning the nursing profession.
NURSINGGUIDE.PH

Work in Ireland, Filipino nurses!
** Employer plans to be in Manila early May for Final Interviews **
Chesham Recruitment Inc., the Philippine recruitment partner of CPL Healthcare, is recruiting qualified specialty nurses for Tallaght Hospital/AMNCH, one of Ireland's leading Dublin Academic Teaching Hospitals.
See attached image for other details and to know how to apply.

EB EXAM FOR GRADE 1 NURSING OFFICERS WILL BE HOLD ON 2015-06-28. CLOSING DATE 2015-05-22 -G.N.O.A. - MATARA-

EB EXAM FOR GRADE 1 NURSING OFFICERS WILL BE HOLD ON 2015-06-28. CLOSING DATE 2015-05-22

-G.N.O.A. - MATARA-





DAT දීමනාව හෙද සේවාවට,පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවටත් මැයි වැටුපේ සිට


Saturday, April 4, 2015

රජයෙන් යතුරුපැදි නොදුන්නැයි පවුල් සෞඛ්‍ය සේවිකාවෝ විරෝධතාවක
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ක්‌ෂේත්‍ර සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හට රාජ්‍ය සේවකයන්ට ලබාදෙන යතුරුපැදි ලබාදීමට රජය කටයුතු නොකිරීමට විරෝධය පාමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෝ 500 කට අධික පිරිසක්‌ නාරාහේන්පිට කොළඹ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය ඉදිරිපිටදී 30 වැනිදා දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක නියෑලුණහ.

"දිසාපතිතුමනි, යතුරුපැදිය අපට අහිමිද?", "ජනාධිපතිතුමනි, අගමැතිතුමනි අපට සාධාරණය ඉටුකරනු" වැනි වැකි සහිත පුවරු අතැතිව විවිධ සටන් පාඨ කියමින් ඔවුහු උද්ඝෝෂණයේ නියෑලුණහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්‌කු මහත්මිය මෙසේ පැවසුවාය. "කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හට මෙතෙක්‌ යතුරුපැදි ලබාදීමට රජය කටයුතු කර නැහැ. අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි දීලා ඒත් අපට නැහැ. ගෙයක්‌ ගෙයක්‌ ගානේ ගිහින් කැපවීම් කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අමතත කරලා, අනෙකුත් නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම අසාධාරණයි.


http://www.divaina.com/2015/04/03/provin01.html

Friday, April 3, 2015

නොමිලේ දෙන අක්‍ෂි කාච එපා කියන දොස්‌තරලා ගැන පැමිණිලි ගලයි

අජිත් අලහකෝන්

අක්‍ෂි රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නොමිලේ ලබාදෙන අක්‍ෂි කාච බද්ධ කිරීම ප්‍රතික්‍ෂේප කරන වෛද්‍යවරු පිරිසක්‌ කොමිස්‌ ලබාගැනීමේ අරමුණින් පිටතින් කාච මිලට ගෙන එන ලෙස රෝගීන්ට බලකරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට ප්‍රකාශ කළේය.

ඇසේ සුද ඇති රෝගීන්ට බද්ධ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකක්‌ රුපියල් අටදහසක්‌ පමණ වටිනා කාච නොමිලේ ලබා දේ. එවන් කාච රජයේ රෝහල් වෙත බෙදාහැර ඇත.

නමුත් කොළඹ අක්‍ෂි රෝහල ද ඇතුළු රෝහල්වල ඇතැම් වෛද්‍යවරුන් තමන් වෙතට පැමිණෙන රෝගීන්ට මෙම කාච පැළඳවීම ප්‍රතික්‍ෂේප කරමින් පිටතින් එකක්‌ රුපියල් 25,000 ක්‌ පමණ වටිනා අක්‍ෂි කාච මිලට ගෙන එන ලෙසට බලකරමින් තුණ්‌ඩු ලියාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට කීවේය.

කලක පටන් මෙම වෛද්‍යවරුන් පිරිස මෙසේ අක්‍ෂි කාච මාෆියාවේ යෙදී සිටින අතර වෛද්‍යවරුන්ගේ නම ලිපිනය සහිත තුණ්‌ඩු අදාළ ෆාමසියට යොමුකර කාච මිලට ගත් පසු එම එක්‌ කාචයකින් වෛද්‍යවරයාට සියයට 35 ක පමණ කොමිස්‌ මුදලක්‌ හිමිවන බව ද ඉහත ප්‍රකාශකයා කීය. දිනකට එක්‌ වෛද්‍යවරයකු මෙවැනි තුණ්‌ඩු දහයක්‌ පමණ රෝගීන්ට නිකුත් කරන අතර කාච මිලට ගත් පසු අදාළ ෆාමසියේ නියෝජිතයකු සියලුම කොමිස්‌ මුදල් සවස්‌ වරුවේ වෛද්‍යවරයා වෙතටම ගෙනැවිත් භාරදෙන බවට ද තොරතුරු ලැබී ඇතැයි ඉහත ප්‍රකාශකයා කීය.

මෙම අක්‍ෂි කාච මාෆියාව නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් වෙත නොමිලේ නිකුත් කරන අක්‍ෂි කාච භාවිත නොවන බව ද කී හෙතෙම විශාල මුදලක්‌ ගෙවා කාච මිලට ගැනීමට අපොහොසත් රෝගීන් ඇසේ සුද ඉවත් කර නොගෙන දැස නොපෙනෙන තත්ත්වයෙන් පසුවන බව ද කීය.
http://www.divaina.com/2015/04/01/news17.html 

හෙද පරිපූරක අතුරු වෛද්‍ය පත්වීම් 3000ක් ජනපති අතින්

නිරෝගිමත් පරපුරක් බිහි කිරීමේ අරමුණින් ගුණාත්මක සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල තුන්දහසකට ආසන්න නව පත්විම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අරලිය ගහ මන්දි‍රයේදි ඊයේ (31) ප්‍රධානය කෙරිණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන්ද සිදු වූ මේ පත්විම් ප්‍රධානයේදි හෙද සේවාව ,වෛද්‍ය රසායනාගාර කාර්මික සේවාව,ඖෂධවේදි ,භෞතක චිකිත්සක,විකිරණ ශිල්පි,ආහාර නිරික්ෂක,රසායනාගාර සේවක,ඖෂධ සං‍යෝජක යන වෘත්තීන්වල නව පත්වීම් සහ පුහුනු පාඨමාලා සඳහා පත්වීම් දෙදහස් හත්සිය අසූ තුනක් ප්‍රධානය සිදු කෙරිණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදි පුහුණුවට බඳවා සෞඛ්‍ය සේවකයන් ජනාධිපතිවරයා අතින් ඊයේ පත්වීම් ලබා ගැනිම විශේෂ සිද්ධියක් විය.
දින සියයේ වැඩ සටහනට අදාළ සෞඛ්‍ය සේවයේ සිදු කෙරෙන කාර්යයන්වලට අමතරව මේ නව පත්වීම් ලබා දිම ‍සිදු වුයේ සියයට හැත්තෑපහක් පළාත් සභා මට්ටමිනි.
පත්වීම් ලබා ගැනිමට පෙර සියලුම පත්විම්ලාභිහූ සෞඛ්‍ය සේවාවට කැප වීමේ ප්‍රතිඥාව ලබා දුන්හ. තුන්වැනි ශ්‍රේණියේ හෙද නිලධාරින් -1367ක් ,වි.නි.රේ.සටහන්කරුවන්-15 ක්,ආහාර නිරීක්ෂකවරුන්-46ක්,රසායනාගාර සේවකයින් -102 ක් සඳහා නව පත්වීම් ලබා දුන් අතර වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ උපාධිධාරින් -8ක් ,විකිරණ ශිල්පි උපාධිධාරින් -18ක්, උසස්වීම් ලැබුහ.
පළමු ශ්‍රේණියේ හෙද නිලධාරින් -358ක් හෙද උපාධිධාරින් -117ක් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ උපාධිධාරින් -82ක් ඖෂධවේදි උපාධිධාරින් -41ක් භෞතචිකිත්සක උපාධිධාරින් -71 විකිරණ ශිල්පි උපාධිධාරින් -19 ක් ඖෂධ සංයෝජනකයින් -520 ක් පුහුණුව සඳහා බඳවා ගැණිනි. සි‍විල් ආරක්ෂක බළකායේ සංස්කෘතික අංශය අලංකාරවත් ගීත සහ නැ‍ටුම් අංග ඉදිරිපත් කළහ.
මේ අවස්ථාවට සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න,නියෝජ්‍ය ඇමැති හසන් අලි ,අමාත්‍යාං‍ශයේ ලේකම් ඩී.එම්.ආර්.ඩී‍.දිසානායක,පළාත් සෞඛ්‍ය ඇමැතිවරුන්, වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය සහ මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාං‍ශයේ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

http://www.dinamina.lk/2015/04/01/_art.asp?fn=n1504012

හෙද - පරිපූරක - අතුරු වෛද්‍ය, වර්ජනය අත්හිටුවයි

Published in පුවත්
 Thursday, 02 April 2015 08:13
    හෙද - පරිපූරක - අතුරු වෛද්‍ය, වර්ජනය අත්හිටුවයි
    රජයේ වෛද්‍යවරුන්ට ගෙවීමට එකඟ වී ඇති කැඳවීමේ බාධා කිරීමේ හා ප්‍රවාහන (ඩැට්‌) දීමනාවට සමානුපාතික වූ දීමනාවක්‌ හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් 17 කට මෙම මාසයේ සිට ගෙවීමට මුදල් අමාත්‍යාංශය එකඟවීම හේතුවෙන් අද (02 දා) එම වෘත්තීන් විසින් දියත් කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අත්හිටුවා තිබේ.
    ඉහත කී ඩැට්‌ දීමනාව මෙම මස වැටුපට එක්‌ කර ගෙවීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පෙරේදා (30 දා) සිය බලමණ්‌ඩලය වෙත දැනුම් දුන් බව හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.
    මෙම එකඟත්වය අද (02 දා) දිනයේදී ලිඛිතව ලබාදීමට බලධාරීන් විසින් පොරොන්දු වී ඇතැයි එම බල මණ්‌ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.
    http://lankadaily.com/latestnews/item/6072-2015-04-02-02-43-00

    දොස්තරලා නැති රෝහල්..! ගිනස් වාර්තාවක්..!! උතුරේ රෝහල් 101 කින් 31 කට එකදු දොස්තරවරයෙක් හෝ නෑ..


    (ලංකා ඊ නිව්ස් - 2015.මාර්තු.28, ප.ව.10.00) වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සෙසු නිලධාරීන්ගේ දැඩි හිගයක් නිසා උතුරු පළාතේ රෝහල් පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී.සත්‍යලිංගම් පවසයි
    මෙම හිඟය කොතෙක්දැයි කිවහොත් උතුරු පළාතේ පිහිටා තිබෙන රජයේ රෝහල් 101 අතර එකම වෛද්‍යවරයෙකු හෝ නොමැති රෝහල් 31 ක් ඇතැයිද ඔහු කියා සිටියා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය සලකා බලන විට උතුරු පලාතට විශේෂඥ වෛද්‍යවරුන් 119 ක් අවශ්‍ය නමුත් දැනට සිටින්නේ 55 දෙනෙකු පමණක් බවද උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
    අක්ෂි වෛද්‍ය විශේෂඥයින් මුලු උතුරු පළාතටම සිටින්නේ දෙදෙනෙකු පමණක් යැයි කී අමාත්‍යවරයා ඔවුන් දෙදෙනාම සිටින්නේ මධ්‍යම රජය මගින් පාලනය වන යාපනය ශික්ෂණ රෝහලේ යැයිද පෙන්වා දුන්නේය. වවුනියාව කිළිනොච්චිය මන්නාරම යන රෝහල් වලටද විශේෂඥ වෛද්‍යවරුන් අවශ්‍ය නමුත් ඔවුන් ලබාදීමට මෙතෙක් මධ්‍යම රජය පියවර ගෙන නොමැති අතර හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශාල හිගයක් ඇතැයිද පැවසීය.
    වෛද්‍යවරුන්ට අමතරව සෞඛ්‍ය සේවයේ සෙසු නිලධාරීන්ගේ හිඟය ගැන සලකා බලන විට උතුරු පළාතේ රජයේ රෝහල් වල හෙදියන් 300 ක හිඟයක් ඇතැයි පළත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. හෙදියන් 180ක් ලබාදෙන බවට මුලින් පොරොන්දු වුවත් එම සංඛ්‍යාව දැන් 80 ක් දක්වා පහත හෙලීමට මධ්‍යම රජය කටයුතු කොට ඇති බව කී සත්‍යලිංගම් වෛද්‍යවරයා ලැබෙන හෙදියන් 80 පළාතේ රෝහල් වලට බෙදන අන්දමද ගැටලු සහගත  බව පැවසීය.
    යුද සමයේදී මෙම පළාත්වල සෞඛ්‍ය සේවකයින් සිය රාජකාරී කාලයම ගැන පමණක් සලකා කටයුතු නොකොට රෝගීන්ගේ තත්ත්වය ගැන නිරන්තර අවධානය යොමු කිරීමේ පුරුද්ද තවමත් අතහැර නොමැති බැවින් උතුරේ රෝහල් සේවා කටයුතු පවත්වාගෙන යාමට හැකි වී ඇතැයිද කියා සිටියේ ය. වෛද්‍යවරුන් එක් අයෙකු හෝ නොමැති රෝහල් පවත්වාගෙන යන්නේද එම පුරුද්ද මත වුවත් දිගටම එය කරගෙන  යා නොහැකි බව පැවසූ උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මධ්‍යම රජයට මෙම අසීරුතාවය ගැන කරුණු ඉදිරිපත් කොට ඇතත් වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයින් ලබාදීමට පියවර ගෙන නැතැයිද වැඩිදුරටත් කියා සිටියේ ය.
    දිනසේන රතුගමගේ වවුනියාවේ සිට
    http://www.lankaenews.com/news/1609/si
    සුව අසපුවක මරණය

    මරණයේ සෙවණැලි මත ජීවත් වූ රජරට වකුගඩු රෝගීන්ට ජීවන හුස්‌ම පොදක්‌ වැටුණේ මැදවච්චියේ දේශීය වකුගඩු සායනය ආරම්භ කිරීමත් සමගය. පසුගිය වසරේ ආගොස්‌තු මස 12 වැනිදා පර්යේෂණාත්මක මට්‌ටමින් ආරම්භ වූ මෙම වකුගඩු සායනයට අදට මාස හතක්‌ සම්පූර්ණ වී අවසානය. මෙම සායනයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගීන් විශාල පිරිසක්‌ මේ වන විටත් සුවපත් වී සිටින බව එහි ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීහු අපට පැවසූහ. එමෙන්ම නැඟිට ගැනීමටවත් වාරු නැතිව සිටි තවත් එවැනිම වකුගඩු රෝගීන් පිරිසකට කැත්ත, උදැල්ල සමග හරඹ කර ගොවිතැන් බත් කරගැනීමට හැකි තත්වයට රෝගය පාලනය වී ඇති බවත් ඔවුහු පැවසූහ.

    පෙළ ගැසෙන කතාව අනුව සැබැවින්ම මැදවච්චි වකුගඩු සායනය විශ්මකර්ම සුව අසපුවකි. එහෙත් වකුගඩු රෝගීන් කියන ආකාරයට එහි ගෞරවය හිමි විය යුත්තේ එම සායනයේ කටයුතු කළ ප්‍රධාන වෛද්‍යවරිය වූ උත්පලා පෙරේරා මහත්මියටය. මන්ද වකුගඩු රෝගීන් සුවපත් කිරීමේ ප්‍රත්‍යක්‌ෂ ඖෂධ වට්‌ටෝරුව තිබී ඇත්තේ වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය ළඟය. එසේ නම් ඒ සුව අසපුවේ පහන දැන් නිවී ගොස්‌ය. රජරට වකුගඩු රෝගීන්ගේ මරණ ලියෑවිලි නැවතත් අලුත් වන ලකුණු පහළ වී ඇති සේය. මැදවච්චිය දේශීය වකුගඩු සායනයේ ප්‍රධාන වෛද්‍යවරිය ලෙස කටයුතු කළ උත්පලා පෙරේරා මහත්මිය දැන් නාවින්න ආයුර්වේද රෝහලට පමණක්‌ සීමා වී ඇත. මේ තත්ත්වය මත රජරට වකුගඩු රෝගීන්ට අත්ව ඇති ඉරණම ගැන අපට විස්‌තර කරන්නේ මැදවච්චිය දේශීය වකුගඩු සායන රෝගීන්ගේ සංවිධානයේ නිලධාරීන්ය. මේ ඔවුන් කියන කතාවය.

    ''මැදවච්චිය දේශීය වකුගඩු සායනය භාරව කටයුතු කළේ දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය. එතුමිය තමයි වකුගඩු රෝගය සුව කරන ඖෂධ සොයාගෙන තිබුණේ. දේශීය වෛද්‍ය ගමගේ, සහ තවත් දේශීය වෛද්‍යවරු දෙදෙනෙක්‌ මේ වකුගඩු වෙදකමට සම්බන්ධ කරගෙන තමයි එතුමිය සායනය පවත්වාගෙන ගියේ. එතුමිය කාලයක්‌ වකුගඩු රෝගය ගැන පරීක්‍ෂණ කරලා මේ බෙහෙත් වට්‌ටෝරුව සොයාගෙන තියෙන්නෙ. මැදවච්චියේ වකුගඩු සායනය පටන් ගත්තට පස්‌සේ දවසින් දවස සායනයට එන රෝගීන් වැඩි වුණා. ඒ වගේම ප්‍රතිකාර ලබාගන්න රෝගීන් හිමීට සුව වෙන්න පටන් ගත්තා. පහුගිය කාලේ වෙනකොට වකුගඩු සායනයේ රෝගීන් දෙදහසකට වැඩියෙන් ලියාපදිංචි වෙලා තිබුණා. බ්‍රහස්‌පතින්දා, සිකුරාදා දවස්‌ දෙකේ සායනය පැවැත්වුණා. එක දවසකට රෝගීන් පන්සීයකට වැඩියි. මමත් වකුගඩු රෝගියෙක්‌...''

    මැදවච්චිය දේශීය වකුගඩු සායනට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ එකමුතුවෙන් 'මැදවච්චිය දේශීය වකුගඩු සායන රෝගීන්ගේ සංවිධානය' යනුවෙන් සංවිධානයක්‌ පිහිටුවාගෙන ඇත. එකී සංවිධානයේ නිලධාරීන් ඇතුළු සියලුම සමාජිකයන් ද වකුගඩු රෝගීන්ය. දැන් අප සමග කතා කරමින් සිටින්නේ ඒ සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන ඒ. කරුණාතිලකය.

    ''බටහිර වෛද්‍යවරු මට කිව්වා රුධිරය කාන්දුකරණයට යන්න කියලා. මම ඒකට යන්නේ නැතුව මෙතැනට ආවා. සායනය පටන්ගත්ත දවසෙ ඉඳල මම මෙතැනින් බෙහෙත් බොනවා. මට දැන් 80% විතර සනීපයි. හොඳට වැඩපළ කරගෙන යන්න පුළුවන්. මට වගේම මෙතැනින් බෙහෙත් ගන්න හැම රෝගියෙක්‌ම සුව පැත්තට හැරිලා තියෙන්නේ. එහෙම තියෙද්දී තමයි මේ ඖෂධ වට්‌ටෝරුව හොයාගත්ත උත්පලා පෙරේරා වෛද්‍යවරිය සායනට එන්නේ නැතුව ගියේ. උත්පලා වෛද්‍යවරිය සායන පටන් ගෙන ප්‍රතිකාර කරගෙන යනකොට දවසින් දවස රෝගීන් සුව වෙන්න පටන් ගත්තා. සමහර වෛද්‍යවරුන්ට වගේම සෞඛ්‍ය පරිපාලන නිලධාරීන්ට මේක බලාගෙන ඉන්න බැරි වුණා. ඒ අය මේ සායනය පටන් ගත්ත දවසේ ඉඳලා අංචි ඇද්දා. අන්තිමේ සායනය පටන් ගෙන මාස හයක්‌ යන්න මත්තෙන් කුමන්ත්‍රණකාරයො දිනුවා. අපි ජීවිතයෙන් පරදුනා...'

    මේ මැදවච්චිය දේශීය වකුගඩු සායන රෝගීන්ගේ සංවිධානයේ ලේකම් කියන කතාවය.

    ඉංග්‍රීසි බෙහෙත් කරලා මම ඇඳට වැටුණා. අන්තිමටම තමයි මේ සායනයට ආවේ. මම දැන් සිංහල බෙහෙත් බොන්න පටන් අරන් මාස හතරක්‌ විතර වෙනවා. දැන් මට හොඳටම සනීපයි. කුඹුරු කොටන්නත් පුළුවන්. උත්පලා මැඩම් අපිට දෙන්නේ අත්දුටු බෙහෙත් වට්‌ටොරුවක්‌. බටහිර වෛද්‍යවරුන්ට කරන්න බැරි දෙයක්‌ සිංහල වෛද්‍යවරියක්‌ කරනකොට බටහිර වෛද්‍ය විද්‍යාවට ඒක මදි පුංචිකමක්‌. ඒ නිසා තමයි උත්පලා මැඩම්ගේ කකුළෙන් අදින්න පටන් ගත්තේ. කවුරු කළත් මේක ජාතික අපරාධයක්‌. මේ සායනයට බෙහෙත් ගන්න එන අය දුප්පත් අහිංසක මිනිස්‌සු. සතියේa දවස්‌ දෙකකට වරක්‌ ලේ කාන්දු කරන්න වියදම් කරන්න අපිට සල්ලි නෑ. මේ සායනයෙන් ප්‍රතිකාර ගන්න අපිට රුපියලක්‌වත් වියදම් වෙන්නේ නෑ. ඇයි අපිට මෙහෙම කරන්නේ. අපි ජීවත් වෙලා ඉන්නවට සෞඛ්‍ය නිලධාරීන් කැමති නැද්ද...

    බටහිර වෛද්‍ය ක්‍රමයේ වකුගඩු රෝගයට ප්‍රතිකාර කරන විධි තුනක්‌ තියෙනවා. පළමුවෙන්ම පෙති දෙනවා. රෝගය මෝරපුවම රුධිර කාන්දුකරණය කරනවා. රෝගියාගේ ස්‌භාවය අනුව දින දෙකකට, තුනකට, හතරකට වරක්‌ රුධිර කාන්දුකරණය කරන්න ඕනා. ඒකත් අසාර්ථක වුණහම වගුකඩු බද්ධයට යනවා. ඒ කිසිම ප්‍රතිකාරයකට ඔරොත්තු දෙන්න නැතිව ගියහම රෝගියා මැරෙනවා. මැදවච්චිය දේශීය වකුගඩු සායනය පටන් ගෙන දැන් මාස හයයි. ඒ මාස හයට ප්‍රතිකාර ගත්ත කිසිම රෝගියෙක්‌ මිය ගියේ නෑ. ප්‍රතිකාර ගත්ත හුඟ දෙනෙක්‌ දැන් නිට්‌ටාවටම සුව වෙලා. ඒත් මේ ඇත්ත කතාව බලධාරීන් දන්නේ නෑ. වගකිවයුතු වෛද්‍යවරු රජයට අවබෝධ කරලා දෙන්නේ වකුගඩු රෝගයට තියෙන එකම ප්‍රතිකාර ක්‍රමය රුධිර කාන්දුකරණය විතරයි කියලා. ඒක අසාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌. අපි මේ කතා කරන්නේ අත්දැකීමෙන්. කොච්චර රුධිර කාන්දුකරණය කළත් රෝගියා වසර දෙක තුනක්‌ යනකොට මැරෙනවා. සිංහල වෙදකමේ එහෙම නෙමෙයි ඒකාන්තයෙන්ම රෝගියා සනීප වෙලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. අපි කියන දේ පිළිගන්න බැරි නම් ජාතියට ආදරය කරන වෛද්‍ය ක්‍ෂේත්‍රයේ දැනුම් තේරුම් ඇති අයගෙන් මේ ගැන අහලා බලන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා...''

    වෙඩිතිබ්බගල, පූනෑවේ ඇම්. කීර්තිරත්නගේ පවුලේ සියලුම දෙනා වකුගඩු රෝගීන්ය. සත් දෙනකුගෙන් යුත් පවුලේ මව සහ වැඩිමහල් සහෝදරයා දැනටමත් වකුගඩු මරයා ඩැහැගෙන අවසානය. ඉතිරිව සිටින අනෙකුත් සාමාජිකයන් පස්‌ දෙනාම මැදවච්චිය දේශීය වකුගඩු සායනයෙන් ප්‍රතිකාර ලැබ වැසුණු ජීවන දොරටු නැවත විවෘත කරගෙන සිටින්නාහ.

    ''අපෙත් මරණ වරෙන්තු ලියෑවිලයි තිබුණේ. ඒ අතරේ තමයි මේ සායනය ගැන දැන ගන්න ලැබුණේ. පස්‌සේ අපි ඉංග්‍රීසි බෙහෙත් අතහැරලා සිංහල බෙහෙත් බොන්න පටන් ගත්තා. දැන් අපිට 90% ක්‌ සුවයි. ඇදෙන් නැඟිටගන්න බැරිව හිටපු මට දැන් වැඩ කරන්නත් පුළුවන්. මේ කන්නයේ කුඹුරු අක්‌කර දෙකක්‌ වැඩ කළා. බඩ ඉරිගු හේනක්‌ හැදුවා. වෛද්‍යවරිය එන්නේ නැති නිසා දැන් අපිට ප්‍රතිකාර ගන්න විදිහක්‌ නෑ. දැන් සායනයට එන වෛද්‍යවරු හරියට වෙදකම කරන්න දන්නෙත් නෑ...''

    මැදවච්චිය දේශීය වකුගඩු සායනයෙන් ප්‍රතිකාර ලබාගනිමින් සිටි තවත් රෝගීන් විශාල පිරිසක්‌ අප සමග කතා කළහ. ඔවුන්ගේ ජීවිත ආඳෝනාව සටහන් කිරීමට මේ පත්ඉරුව ප්‍රමාණවත් නැති තරම්ය. ඒ තරමටම රෝගීන්ගේ කඳුළු කතා දිගය. අසා සිටීමට නොහැකි තරමට දුක්‌බරය. එහෙත් ඒ සියලු දෙනා කියන කතාවල හරය එකය. එනම් මැදවච්චිය දේශීය වකුගඩු සායනයට පැමිණි දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මියට නොඑන තැනට වැඩ සැලැස්‌වීම රෝගීන්ගේ මිනීවළ කැපීමක්‌ වැනිය. වකුගඩු රෝගීන් කියන කතාවෙන් පැහැදිළි වන්නේ මැදවච්චිය දේශීය වකුගඩු සායනයේ ප්‍රතිකාර කටයුතු කරමින් සිටි දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මියට ද ආදළ සෞඛ්‍ය අංශවලින් බරපතළ ආසාධාරණයක්‌ සිදු කර ඇති බවය. එහෙයින් අපි දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය සමග ද ආදළ ගැටලුව සම්බන්ධයෙන් කතා කළෙමු. මේ ඇය කියන කතාවය.

    ''වකුගඩු සායන ව්‍යාපෘතිය කඩාකප්පල් වුණේ පරිපාලන නිල ධාරීන්ගේ අත්තනෝමතික තීන්දු තීරණ නිසයි. මේක පටන් ගත්ත දවසෙ ඉඳලා මේකට අකුල් හෙළන අය හිටියා. මැරෙන්න යන මිනිසුන්ව බේරගන්න අපි කැමතියි. ඒත් අපිට මේක කරගෙන යන්න ඉඩ දෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් ඊට වඩා යමක්‌ ප්‍රකාශ කරන්න මට බෑ...''

    වකුගඩු රෝගීන් සහ අසාධාරණයට ලක්‌ව සිටින වෛද්‍යවරියත් චෝදනා ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය පරිපාලන නිලධාරීන් වෙතටය. එහෙයින් මේ ගැටලුව සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය කොමසාරිස්‌වරයා දරන මතය ගැන ද දැන ගැනීම සඳහා අපි පාලිත කොහොන මහතාට කතා කළෙමු. මේ අපේ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරුය.

    මැදවච්චිය දේශීය වකුගඩු සායනයේ දැනට මොකද වෙන්නේ...

    වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරගෙන යනවා.

    එහි ප්‍රතිකාර ලබන රෝගීන් කියන්නේ සායනයේ ප්‍රතිකාර කරමින් සිටි උත්පලා පෙරේරා වෛද්‍යවරිය ප්‍රතිකාර ලබාදුන්නේ පර්යේෂණ මට්‌ටමින් ඇය විසින්ම සොයාගත් බෙහෙත් වට්‌ටෝරුවකට කියලයි...?

    එහෙම දෙයක්‌ නෑ. ඇයත් කළේ ආයුර්වේද වෙදකම.

    දැන් වකුගඩු සායනට සහභාගි වෙන වෛද්‍යවරුන් වකුගඩු රෝගය සම්බන්ධයෙන් සහ ආදළ වෙදකම ගැන පළපුරුදු වෛද්‍යවරුද...?

    ඔව්... රජයේ උපාධිධාරී දේශීය වෛද්‍යවරුන්.

    වෛද්‍ය උත්පලා පෙරේරාගෙන් දැන් වැඩක්‌ ගන්නවද...?

    ඔව්... නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍යවරියක්‌ ලෙස රාජකාරි කරනවා.

    උත්පලා පෙරේරා මහත්මිය පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සේවයේ නිරතව සිටියදී, වසර තුනකට වැඩි කාලයක්‌ වකුගඩු රෝගය සම්බන්ධයෙන් කළ පර්යේෂණයක ප්‍රතිඵලයක්‌ ලෙස මෙම සිංහල බෙහෙත් වට්‌ටෝරුව සොයාගෙන ඇත. පර්යේෂණ කටයුතු කරගෙන යැමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ද ඇයට විවිධාකරයෙන් සහයෝගය ලබාදී ඇත. පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම මත මිලියන ගණනක ව්‍යාපෘතියක්‌ ලෙස වකුගඩු රෝගයෙන් පීඩා විඳින පළාත්වල වගුකඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වකුගඩු සායන තුනක්‌ ආරම්භ කළහ. එනම් කුරුණෑගල, මැදවච්චිය සහ නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණ ආයතනයේය. එහෙත් මේ වකුගඩු සායනයන් ආරම්භ කළ දිනයේ සිට බටහිර වෛද්‍ය හස්‌තය සහ එයින් යෑපෙන ඇතැම් සෞඛ්‍ය පරිපාලන නිලධාරීන් මේ සායනවලට අකුල් හෙලූහ. ආණ්‌ඩුව වෙනස්‌ වුවද දේශීය වකුගඩු සායන කෙරෙහි දක්‌වන කෙණහිලිකම් අබමල් රේණුවක්‌ තරම්වත් අඩු වුයේ නැත. සායනවලට සහභාගි වන වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් ටිකවත් ලබාදී නැත. එමෙන්ම සායනයට සහභාගි වන වෛද්‍යවරුන්ට විවිධ පුද්ගලයන්ගෙන් මරණ තර්ජන පවා පැමිණි අවස්‌ථා තිබිණි. මරණයට කැප වුණු මිනිසුන්ට ජීවන හුස්‌ම පොවන සිංහල බෙහෙත ජාතිය කම්බස්‌ කිරීමට බලා සිටින උන්ට වස විය. සියල්ල පෙළ ගැසුණේ සායන නතර කරන තැනටය. සායනවලට සහභාගි වූ වෛද්‍යවරු ඔවුන්ට පැමිණි ගැටලු සම්බන්ධයෙන් වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු ආදළ බලධාරීන් දැනුවත් කළ ද එයින් ද සාධාරණයක්‌ නොවූහ. අවසානයේ දේශීය වකුගඩු සායනවලට සහභාගි වෙමින් සිටි දේශීය වෛද්‍යවරු සායනවලට සහභාගි නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිතව දැනුම් දුන්හ. අමාත්‍යාංශ බලධාරීහු ඒ ලිපිය සතුටින් භාර ගත්හ. උත්පලා පෙරේරා දේශීය වෛද්‍යවරිය නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණා ආයතනයට කොටු විය. මැදවච්චියේ සායනයට වෙනත් වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ පිටත් කර හැරිණි.

    දේශීය වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් පහසුවෙන් අඩු පිරිවැයකින් වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබාදීමට හැකි බව දේශීය වෛද්‍යවරුන්ගේ මතයයි. එවැනි වෛද්‍ය ප්‍රතිකාර තිබියදී කොමිස්‌වලට තියෙන කෑදරකමට දිගට හරහට රුධිර කාන්දුකරණ යන්ත්‍ර පිටරටවලින් ආනයනය කරමින් සිටින්නේය. මේ එක යන්ත්‍රයක්‌ ලක්‍ෂ විස්‌සකට වැඩිය. මැදවච්චිය, පදවිය, අරලගන්විල, බකමූණ, කැබිතිගොල්ලෑව යන මධ්‍යස්‌ථානවලට රුධිර කාන්දුකරණ යන්ත්‍ර ලබාදෙන්න මේ වන විට සූදානම්ය. රෝගීන් කියන විදිහට මේ රුධිර කාන්දුකරණය තාවකාලික පැළස්‌තරයක්‌ පමණි. වකුගඩු මරයාට අභියෝග කිරීමට රුධිර කාන්දුකරණය සමතෙක්‌ නොවේ.

    ලෝක සත්වයාට මරණය පොදු බව සැබෑය. එහෙත් බොහෝ මිනිසුන් දවසක්‌ හෝ වැඩියෙන් ජීවත්වීමට කැමතිය. මරණය ලියෑවුණු වකුගඩු රෝගීන් වුවද මොහොතක්‌ හෝ ජීවත්වීමට ආසය. ඔවුන් අපට මේ කියන්නේ ද නැති වී යන ජීවන හුස්‌ම පොද ලබා දෙන්න කියාය. එකී අසරණ වකුගඩු රෝගීන් ඉදිරියේ ඇතැම් සෞඛ්‍ය බලධාරීහු පැණි කන්නාහ.

    එප්පාවල රත්න බී ඒකනාක
    තරංග රත්නවීර
     

    ඖෂධ පනත යටතේ වෙළෙඳ නම සඳහන් කිරීමට ඖෂධවේදීන්ගේ විරෝධය

    ඖෂධ පනත යටතේ වෙළෙඳ නම සඳහන් කිරීමට ඖෂධවේදීන්ගේ විරෝධය
    ඒමන්ති මාරඹේ
    යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත යටතේ බෙහෙත් වර්ග නිර්දේශ කිරීමේදී ඖෂධීය නාමයට අමතරව වෙළෙඳ නාමයද සඳහන් කිරීමට වෛද්‍යවරයාට අවසරය ලබාදීම සම්බන්ධව තම සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත විරෝධය පළකළ බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.
    මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ දර්ශනයට අනුව කටයුතු කරන්නේ නම් බෙහෙත් වර්ග නිර්දේශ කිරීමේදී එය ඖෂධීය නාමයෙන් පමණක්‌ සිදුකළ යුතු බව දැක්‌වීම ප්‍රමාණවත් බව එම සංගමයෙහි ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා "දිවයින" ට පැවසීය.
    එහෙත් ඖෂධීය නම සඳහන් කර එයට ඉදිරිපසින් අවශ්‍ය නම් බෙහෙත් වර්ගයෙහි වෙළෙඳ නාමයද වරහන් තුළ සඳහන් කිරීමට වෛද්‍යවරයාට ලබාදී ඇති අවසරය හේතුවෙන් අධික මිල බෙහෙත් වර්ගවල වෙළෙඳ නාමයන් සඳහන් කිරීමට වෛද්‍යවරුන් පෙළඹීමට ඉඩ ඇතැයි තිලකරත්න මහතා කීවේය.
    මේ සම්බන්ධව තම සංගමය සෞඛ්‍ය ඇමැතිවරයා වෙතද ලිතව විරෝධය පළකර ඇති අතර ඉදිරියේ දී මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
    DIVAINA.COM