ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ පහන වෙන්දේසියේ
රාත්‍රී කාලයේ රෝගීන්ගේ සුවදුක් විමසීම පුරුද්දක් කර ගෙන සිටි ෆ්ලෝරන්ස් නයිටිංගේල් හෙදියට ඒ සඳහා සහාය වූයේ මෙම පිත්තල පහනේ ආලෝකයයි. මෙම පහන අතින් ගෙන ඇවිදීම නිසා ෆ්ලෝරන්ස් නයිටිංගේල්ට පහනක් අතින් ගත් යුවතිය යැයි නමක්ද පටබැඳී තිබුණි.
ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ අභාවයෙන් පසුව මෙම පිත්තල පහනේ හිමිකාරිත්වය ලැබුණේ ඇගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුන අක්කා නගෝ දෙදෙනකුටය. ඔවුන්ගේ පරම්පරා කිහිපයක්ම මෙම උරුමය සුරැකි අතර දැන් මෙම පිත්තල පහන වෙන්දේසි කිරීමට එහි වත්මන් හිමිකරුවන් තීරණය කොට තිබේ. එළැබෙන ජුනි මස 26 වැනිදා මෙම පහන බි්‍රතාන්‍යයේදී වෙන්දේසි වීමට නියමිතය.
ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගෙන් පසු මෙම පහන අතට ගන්නේ කවුදැයි දැන ගැනීමට දැන් ලොවම පෙරමග බලා සිටී.
අචිනි සෝමචන්ද්‍ර - ඬේලි මේල් ඇසුරෙනි

http://www.rivira.lk/onlinenews/world-news/86407-%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%84%E0%B6%B1-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.html
No comments:
Post a Comment