නොමිලේ දෙන අක්ෂි කාච එපා කියන දොස්තරලා ගැන පැමිණිලි ගලයි
අජිත් අලහකෝන්
අක්ෂි රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නොමිලේ ලබාදෙන අක්ෂි කාච බද්ධ කිරීම ප්‍රතික්ෂේප කරන වෛද්‍යවරු පිරිසක් කොමිස් ලබාගැනීමේ අරමුණින් පිටතින් කාච මිලට ගෙන එන ලෙස රෝගීන්ට බලකරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් "දිවයින" ට ප්‍රකාශ කළේය.
ඇසේ සුද ඇති රෝගීන්ට බද්ධ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකක් රුපියල් අටදහසක් පමණ වටිනා කාච නොමිලේ ලබා දේ. එවන් කාච රජයේ රෝහල් වෙත බෙදාහැර ඇත.
නමුත් කොළඹ අක්ෂි රෝහල ද ඇතුළු රෝහල්වල ඇතැම් වෛද්‍යවරුන් තමන් වෙතට පැමිණෙන රෝගීන්ට මෙම කාච පැළඳවීම ප්‍රතික්ෂේප කරමින් පිටතින් එකක් රුපියල් 25,000 ක් පමණ වටිනා අක්ෂි කාච මිලට ගෙන එන ලෙසට බලකරමින් තුණ්ඩු ලියාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් "දිවයින" ට කීවේය.
කලක පටන් මෙම වෛද්‍යවරුන් පිරිස මෙසේ අක්ෂි කාච මාෆියාවේ යෙදී සිටින අතර වෛද්‍යවරුන්ගේ නම ලිපිනය සහිත තුණ්ඩු අදාළ ෆාමසියට යොමුකර කාච මිලට ගත් පසු එම එක් කාචයකින් වෛද්‍යවරයාට සියයට 35 ක පමණ කොමිස් මුදලක් හිමිවන බව ද ඉහත ප්‍රකාශකයා කීය. දිනකට එක් වෛද්‍යවරයකු මෙවැනි තුණ්ඩු දහයක් පමණ රෝගීන්ට නිකුත් කරන අතර කාච මිලට ගත් පසු අදාළ ෆාමසියේ නියෝජිතයකු සියලුම කොමිස් මුදල් සවස් වරුවේ වෛද්‍යවරයා වෙතටම ගෙනැවිත් භාරදෙන බවට ද තොරතුරු ලැබී ඇතැයි ඉහත ප්‍රකාශකයා කීය.
මෙම අක්ෂි කාච මාෆියාව නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් වෙත නොමිලේ නිකුත් කරන අක්ෂි කාච භාවිත නොවන බව ද කී හෙතෙම විශාල මුදලක් ගෙවා කාච මිලට ගැනීමට අපොහොසත් රෝගීන් ඇසේ සුද ඉවත් කර නොගෙන දැස නොපෙනෙන තත්ත්වයෙන් පසුවන බව ද කීය.

http://www.divaina.com/2015/04/01/news17.html
No comments:
Post a Comment