ඖෂධ පනත යටතේ වෙළෙඳ නම සඳහන් කිරීමට ඖෂධවේදීන්ගේ විරෝධය
ඒමන්ති මාරඹේ
යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත යටතේ බෙහෙත් වර්ග නිර්දේශ කිරීමේදී ඖෂධීය නාමයට අමතරව වෙළෙඳ නාමයද සඳහන් කිරීමට වෛද්‍යවරයාට අවසරය ලබාදීම සම්බන්ධව තම සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත විරෝධය පළකළ බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.
මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ දර්ශනයට අනුව කටයුතු කරන්නේ නම් බෙහෙත් වර්ග නිර්දේශ කිරීමේදී එය ඖෂධීය නාමයෙන් පමණක් සිදුකළ යුතු බව දැක්වීම ප්‍රමාණවත් බව එම සංගමයෙහි ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා "දිවයින" ට පැවසීය.
එහෙත් ඖෂධීය නම සඳහන් කර එයට ඉදිරිපසින් අවශ්‍ය නම් බෙහෙත් වර්ගයෙහි වෙළෙඳ නාමයද වරහන් තුළ සඳහන් කිරීමට වෛද්‍යවරයාට ලබාදී ඇති අවසරය හේතුවෙන් අධික මිල බෙහෙත් වර්ගවල වෙළෙඳ නාමයන් සඳහන් කිරීමට වෛද්‍යවරුන් පෙළඹීමට ඉඩ ඇතැයි තිලකරත්න මහතා කීවේය.
මේ සම්බන්ධව තම සංගමය සෞඛ්‍ය ඇමැතිවරයා වෙතද ලිතව විරෝධය පළකර ඇති අතර ඉදිරියේ දී මේ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
DIVAINA.COM
No comments:
Post a Comment