රජයෙන් යතුරුපැදි නොදුන්නැයි පවුල් සෞඛ්‍ය සේවිකාවෝ විරෝධතාවක
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හට රාජ්‍ය සේවකයන්ට ලබාදෙන යතුරුපැදි ලබාදීමට රජය කටයුතු නොකිරීමට විරෝධය පාමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියෝ 500 කට අධික පිරිසක් නාරාහේන්පිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී 30 වැනිදා දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක නියෑලුණහ.
"දිසාපතිතුමනි, යතුරුපැදිය අපට අහිමිද?", "ජනාධිපතිතුමනි, අගමැතිතුමනි අපට සාධාරණය ඉටුකරනු" වැනි වැකි සහිත පුවරු අතැතිව විවිධ සටන් පාඨ කියමින් ඔවුහු උද්ඝෝෂණයේ නියෑලුණහ.
මෙහිදී අදහස් දැක්වූ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය මෙසේ පැවසුවාය. "කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හට මෙතෙක් යතුරුපැදි ලබාදීමට රජය කටයුතු කර නැහැ. අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි දීලා ඒත් අපට නැහැ. ගෙයක් ගෙයක් ගානේ ගිහින් කැපවීම් කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අමතත කරලා, අනෙකුත් නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම අසාධාරණයි.
http://www.divaina.com/2015/04/03/provin01.html
No comments:
Post a Comment